ශ්‍රී ලංකා දුම්රිය සේවයේ උප-නියාමකවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු අතර සිදු වූ බහින්බස්වීමක් දුර දිග යාම නිසා ඇති වූ කායික ගැටුමක් හේතුවෙන් දුම්රිය උප-නියාමක සංගමය (දුඋනිස) ඔක්තෝබර් 4දා ක්ෂනික වැඩ වර්ජනයක් දියත් කලේය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ දී, ආරක්ෂක නිලධාරියෙකු විසින් සිවිල් ඇඳුමින් සැරසී සිටි උප නියාමකවරයකුගේ අනන්‍යතාව විමසීමේදී ඇති වූ මෙම ගැටුමට තවත් පිරිසක් ද සම්බන්ධ වී ඇත.
අදාල ආරක්ෂක නිලධාරියාගේ හා උප-නියාමකයාගේ වැඩ තහනම් කිරීමට ධාවන බල උප දෙපාර්තමේන්තුවේ පරිපාලනය පියවර ගෙන ඇත. ඊට සම්බන්ධ යයි කියන අනෙක් පිරිසගේ ද වැඩ නවත්වන ලෙස ඉල්ලමින්, දුඋනිස මෙම වැඩ වර්ජනය දියත් කලේ ය. වර්ජනය හේතුවෙන් මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් ආරම්භ කෙරෙන දුම්රිය ගමන් ඇනහිටවුනි. කෙසේ නමුත්, ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න සමග දුඋනිස පැවැත්වූ සාකච්ඡාවකින් පසු ව වර්ජනය අවසන් කෙරුනි.
මෙම වර්ජනය කෙටි වුවද, එය දුම්රිය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතිය හමුවේ ඉතා වැදගත් ප්‍රශ්න ගනනාවක් මතු කරයි.
පලමුව, වැඩවර්ජනයේ මූලික ඉල්ලීම අතිශය ප්රතිගාමීය. සහෝදර කම්කරු පිරිසකගේ වැඩ තහනම් කරන ලෙස ආන්ඩුවෙන් සහ දුම්රිය පරිපාලනයෙන් ඉල්ලා සිටීම කම්කරු පංතික සම්ප්‍රදායන්ට සපුරා පටහැනිය. එය කම්කරුවන්ගේ එකමුතුව බිඳ ඔවුනගේ පංති ශක්තිය දුබල කරන අතර, ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතියේ අත ශක්තිමක් කරයි.
දෙවනුව, දුම්රිය සේවකයන් දෙදෙනා අතර ගැටුම, අනෙකුත් කම්කරුවන් එයට මැදිහත්වීම සහ වර්ජනය දියත් කිරීම ඇතුලු සමස්ත සිද්ධිය විමසා බැලූවිට, එය, දශක ගනනාවක් පුරා වෘත්තීය සමිති විසින් වර්ධනය කරන ලද ශ්‍රේනිවාදී කෙටවීම්වල ප්‍රතිඵලයක් සහ එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමක් බව පැහැදිලිය. සමිති නිලධරය විසින් වපුරන මෙම ශ්රේනිභේදවාදය කෙතෙක්දයත්, දුම්රිය නියාමකවරුන්මත්, ප්‍රධාන නියාමක සහ උප-නියාමක වසයෙන් වෙනස් වූ වෘත්තීය සමිති දෙකක කොටුකොට එකිනෙකාට එරෙහිව පිහිටුවා ඇත.
ශ්රේනිභේදවාදය වනාහි, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු වෙනත් ක්ෂේත්රයන්හි ද දිගු කාලයක් පුරා වර්ධනය කොට ඇති පොදු ලක්ෂනයකි. සමිති නිලධරය වැඩවර්ජන සහ විරෝධතා කැඳවන්නේ තම ශ්‍රේනියට පමනක් සීමාවන අයුරින් වන අතර, අනෙක් ශ්‍රේනිවලට අයත් වෘත්තීය සමිති එම කාර්මික ක්‍රියාවන්ට සහාය නොදෙනවා පමනක් නොව, බොහෝවිට ඒවාට එරෙහිව ක්‍රියා කරයි.
මෙම ප්රතිගාමී ලක්ෂනය මෑත කාලයේ දී දුම්රිය කම්කරුවන් අතරින් පැනනැගි විවිධ වැඩවර්ජන තුල ප්‍රකාශයට පත්විය. ජූලි 23දා හා සැප්තැම්බර් 11දා වසයෙන්, මීට පෙර අවස්ථා දෙකක දී, දුම්රිය රියදුරෝ වැඩ වර්ජනවලට පිවිසුන හ. මෙවර උප-නියාමක වැඩ වර්ජනය මෙන් ම, එම වර්ජන දෙක ද තම ශ්‍රේනිවලට පමනක් සීමා කර කැඳවීමට අදාල වෘත්තීය සමිති ක්‍රියා කල හ. රියදුරන්ගේ වර්ජන අවස්ථා දෙකේ දී ම අනෙකුත් කම්කරුවන් තබා තමන්ගේ ශ්‍රේනියේ ම සියලු සාමාජිකයන් පවා බලමුලු ගැන්වීමටවත් දුම්රිය එන්ජින් රියදුරු සංගමය (දුඑරිස) ක්‍රියා කලේ නැත.
කම්කරු පංතිය ජාතිකවත්, ජාත්‍යන්තරවත් තම අයිතීන් දිනාගනු ලැබුවේ එක්සත්ව සටන් වැදීමෙන් ය යන ඓතිහාසික පාඩම මත පාදක වී, ශ්රේනිභේදවාදය සහ එය වපුරන සමිති නිලධරය එකහෙලා ප්‍රතික්ෂේප කරමින් කම්කරුවන් තම පංතියේ එකමුතුවට සටන් කල යුතුය.
තෙවනුව, ශ්රේනිභේදවාදය දිරිමත් කරමින් වෘත්තීය සමිති දියත් කරන වැඩ වර්ජන, එකී කම්කරුවන්ට එරෙහි ව මහජනයා හා අවශේෂ කම්කරුවන් කුපිත කිරීම සඳහා මෙන්ම, මිලිටරිය මැදිහත් කරමින් රාජ්‍ය මර්දනය තීව්ර කිරීම සඳහා ආන්ඩුවට අවස්ථාව විවර කරදෙයි. මෙවර දුම්රිය උප-නියාමක වර්ජනය සමයේ දී ද දුම්රිය ස්ථාන කිහිපයක දී ම ස්ථානාධිපතිවරුන්ට පහර දීම සඳහා මගීන් ප්‍රකෝප කර එවා තිබුනි. එම දුම්රිය ස්ථානවල සේවකයන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා යයි කියමින් ආන්ඩුව වහාම මිලිටරිය මැදිහත් කලේය.
එපමනක් නොව, රාජ්‍ය මර්දනයේම කොටසක් ලෙස දුම්රිය 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට පත්කොට ඇති තතු යටතේ, වැඩ වර්ජිත සේවකයන් සේවය හැර ගියා සේ සලකා ක්‍රියා කරන බව ආන්ඩුව ප්‍රකාශ කලේය.
ජාමූඅ වෙතින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 2.9ක ඇප නයට හිලවු ලෙස රජයට අයත් ව්‍යවසායයන් 430ක් වහා ම ප්රතිව්යුහකරනයට/ පුද්ගලීකරනයට ලක්කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව තීන්දු කර ඇති අතර, ඉන් ප්‍රධාන ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යි. එමගින් දුම්රිය කම්කරුවන්ට එරෙහිව, රැකියා, වැටුප් සහ දීමනා කප්පාදු ඇතුලු දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතය. සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයා සඳහා ක්‍රියාත්මක වන දුම්රිය බුරුතු පිටින් කපා දමමින්, අධි මිල සුඛෝපභෝගී දුම්රිය හඳුන්වා දීමට ආන්ඩුව දැනටමත් ක්‍රියා කර ඇත.
සියල්ලටමත් වඩා සමිති නිලධරය මෙම ශ්රේනිභේදවාදය තීව්ර කරනුයේ, වික්‍රමසිංහ ආන්ඩුව ජාමූඅ හි විධානයන් මත කම්කරු පංතියේ සමාජ අයිතීන්ට එල්ල කරන රුදුරු ප්රහාරයන් සහ එයට එරෙහිව වැඩෙන පංති අරගල තලා දැමීම සඳහා දියත්කොට ඇති රාජ්‍ය මර්දනය පරාජය කරනුවස්, සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධතාවයෙන් ආන්ඩුවටත් ගෝලීය ධනවාදයටත් එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීම අනිවාර්ය කෙරී ඇති තතු යටතේ ය.
ධනේශ්වර පද්ධතියේ උපකරන බවට බොහෝ කලකට පෙර පත්ව ඇති වෘත්තීය සමිති ධනවාදයට එරෙහි එවන් දේශපාලන ප්රතිප්රහාරයකට මුලුමනින්ම සතුරුය. දුම්රිය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය, තම පංති එකමුතුවට සතුරුව ශ්රේනිවාදීව තමා කොටුකොට ඇත්තාවූ සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකින් තමා වලක්වාගෙන සිටින්නාවූ සමිති නිලධරය අතින් එම සටන තම අතට ගැනීම සඳහා නව සංවිධාන රූපයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුතුය.
සෑම ශ්‍රේනියකම කම්කරු නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සහ ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී ඡන්දයෙන් තීන්දු තීරන ගැනෙන මෙම කම්කරු ක්‍රියාකාරි කමිටු සෑම වැඩපොලකම, කම්හලකම, සේවා ස්ථානයකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනැගීම හදිසි සහ අත්‍යවශ්‍ය කර්තව්‍යයක් බවට පත්ව ඇත. ගෝලීය ධනවාදයට එරෙහි සටන ඉදිරියට ගෙන යාහැක්කේ එම ක්‍රියාකාරී කමිටු ජාතිකවත් ජාත්‍යන්තරවත් සන්ධානගත කීරීමෙනි.
වැඩිදුර කියවන්න
- රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිවනු! රැකියා සහ වැටුප් රැකගැනීම සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!
- “කම්කරු නීති ප්රතිසංස්කරනය” ගැන සාකච්ඡා කිරීමට ආන්ඩුව කල ආරාධනය සසප ප්‍රතික්ෂේප කරයි
- දුම්රිය රියදුරු වර්ජනයට පහර දෙමින් ප්‍රවාහන ඇමති දුම්රිය පුද්ගලීකරනය කඩිනම් කරයි
- එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරු අරගලයේ ගෝලීය ඇඟවුම්
- වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සටන සඳහා වරාය කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමු
