[මෙය The Los Angeles fire disaster and the necessity of socialist planning මැයෙන් 2025 ජනවාරි 10දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි]
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි වර්තමානයේ පාලනයෙන් පිට පනිමින් පවතින ලැව්ගිනි, ඇඟ කිලිපොලා යන පරිමානයන්ගේ ව්‍යසනයක් නියෝජනය කරයි. සුලං හා වියලි කොන්දේසි හේතුවෙන් වේගවත් වන ගනන් නැති ලැව්ගිනි ඉතා අප්රමානවත් හෝ ප්‍රති-පියවරයන් නැතිකම නිසා සමස්ත ප්‍රදේශය වෙලාගනිමින් කුඩා පුරවරවල සිටින ප්‍රජාවන් ක්ෂනිකව සිතියමෙන් මකාදමා ඇත.
ඇමරිකානු විනෝදාස්වාද කර්මාන්තයේ පුරවරය වන ලොස් ඇන්ජලීස් යනු, කලාත්මක මායාවන් නිර්මානය කිරීමට ප්‍රසිද්ධ නගරයකි. එහෙත් එම කලාත්මක මායාවන් බොහොමයක් දවා අළු කෙරුනේ , වර්තමාන ඇමරිකාවේ සමාජ සම්බන්ධතාවල නිරපේක්ෂ ම්ලේච්ඡත්වය ද දේශගුනික විපර්යාසයන්ගේ සිට නාගරික සැලසුම්කරනය හා මූලික ජල කලමනාකරනය යනා දී කිසිදු සමාජීය ගැටලුවකට මුහුන දීමට ධනවාදයට පවතින පරිපූර්න නො හැකියාව ද හෙලිදරවු කරමිනි: වොල්ටෙයාර්ගේ කැන්ඩීඩ් ලිවීමට පොලඹවන ලද 1755 ලිස්බන් භූ-චලනය මෙන්, ලොස් ඇන්ජලීස් ලැව්ගිනි ද මහජන විඥානය මත දුරදිග යන බලපෑම් ජනනය කරනු ඇත.
තුනෙන් පංගුවක් ම පැයකට ඩොලර් සත 16 සිට 74 දක්වා වන ඉතා කුඩා සොච්චමක් පමනක් උපයන නිදහස් නැති වරදකාරී කම්කරුවන් යයි (බන්ධනාගාරගතකර සිටින වරදකරුවන් ) තක්සේරු කෙරෙන ගිනි නිවන භටයෝ, ගිනිදලුවලට එරෙහි ව සටන් කරනු වස් අඛන්ඩ ව ඔවුන්ගේ සෞඛ්‍යය හා ජීවිත පරදුවට තබන නමුත්, අප්රමානවත් සංඛ්‍යාව හා ගිනි නිවන ජලවිදින වලට ජල පීඩනය නැති කම නිසා, ඔවුන්ගේ ප්රයත්නයන්ට බාධා කෙරී ඇත.
මේ දක්වා ආසන්න වසයෙන් වැසියන් 179,000කට සිය නිවාසවලින් ඉවත් වීමට නියෝග කෙරී ඇති අතර, ඔවුන්ට නිවහන් ස්ථාන සොයාගැනීම දුෂ්කර ය. මරන දහයක් තහවුරු කෙරී ඇති අතර අළු අතරින් තවත් බොහෝ ගොදුරු වූවන් සොයාගැනීමට නියමිත ය. ගනන් නැති පවුල් ගනනකට සුරතලුන්, නිවාසවල භාන්ඩ සහ ආදරයෙන් රැකගත් සිහිවටන අහිමි වී ඇත. ප්‍රදේශය පුරා ඇදවැටෙමින් පවතින විෂ දුමාරයට මිලියන ගනන් දෙනා නිරාවරනය වන්නේ, එලඹෙන වසර ගනනාවක් යන තෙක් ගිනිය නො හැකි සෞඛ්‍යමය විපාක ජනනය කරමිනි. දරුනුතම ලැව්ගිනි අඟහරුවාදා හටගත්තේ ය. ගින්න ක්ෂනික ව ප්‍රදේශ 17,200ට වැඩි ගනනක් ගිලගත් අතර, එයට, 23,000ට අධික ජනගහනයක් සහිත සමස්ත වෙරලබඩ පැසිෆික් පලිසෙයිඩ්ස් නිවහන් ප්‍රදේශය ම පාහේ ඇතුලත් විය. ඊටන් ලැව්ගින්න ඇල්ටාඩේනාහි බොහෝ ප්‍රජාව සමගින් අක්කර 10,600ක් ගිලගෙන ඇත. සැන් ෆ්රනෑන්ඩෝ පරිවෘත්තිය ප්‍රදේශය තුල හටගත් හර්ස්ට් ලැව්ගින්න අක්කර 671ක් පුරා පැතිරුනි.
බදාදා තවත් ලැව්ගිනි දෙකක් පැතිර ගියේ ය: එනම්, අක්කර 348ක් ගිලගත් ලිඩියා සහ අක්කර 43ක් වසාගත් සන්සෙට් යන ලැව්ගිනි දෙක යි. බ්‍රහස්පතින්දා කෙනත් ලැව්ගින්න ආරම්භ වී, ක්ෂනික ව අක්කර 960කට පැතිරුනි. පලිසෙයිඩ්ස් හා ඊටන් යන යෝධ ලැව්ගිනි දෙක ම, මෙය ලියන මොහොත වන විට කිසිසේත් පාලනය කර නැත. අනෙකුත් ලැව්ගිනිවලින් කිසිවක් සම්පූර්නයෙන් පාලනය කර නැති අතර, ඒවායින් ආවරනය වන අක්කර ගනන අනවරත ව වෙනස් වෙමින් පවතී. “කැලෑගිනි” ලෙස සමහර වාර්තාවල දක්වතත්, නාගරික ප්‍රදේශ තුල ගැඹුරට ගිනිදලු ලඟා වී ඇත්තේ, ඓතිහාසික ගොඩනැගිලි, පාසල්, ස්මාරක හා දේවස්ථාන සමගින් සමස්ත පුරවැසි නිවහන් ප්‍රදේශ විනාශ කරමිනි.
දිගහැරෙමින් පවතින මෙම ව්‍යසනය හුදෙක් “ස්වාභාවික” ව්‍යසනයක් නො වනවා පමනක් නො ව, ධනවාදයේ අනිවාර්ය නිෂ්පාදිතයක් වේ; එනම්, වෝල් වීදියට මූල්‍යමය ප්‍රදානයන් දීම සමගින් අධිරාජ්‍යවාදී යුද යාන්ත්රනයට අරමුදල් සැපයීම සඳහා සියලු සමාජීය අවශ්‍යතා යටත් කිරීම හෙවත්, මහජනයාට මූලික ආරක්ෂාව තහවුරු කිරීමට ද තර්කානුකූල නාගරික සැලසුම්කරනයට ද අන්සියල්ලට ඉහලින් ද යුද්ධය හා ලාභ තැබීමේ ප්‍රතිඵලය යි.
පුද්ගලයන් මිලියන 18ට අධික ප්‍රමානයක් ජීවත් වන මහනාගරික ප්‍රදේශයක් වන ලොස් ඇන්ජලීස්, නිෂ්පාදනය හා හුවමාරුව අතින් ද එහි ශ්‍රම බලකායෙහි ගෝලීය සබඳතා හා බොහෝ භාෂාවන් අතින් ද එහි සංස්කෘතික ප්‍රතිපදානයේ බලපෑම අතින් ද ලෝකයේ ප්රමුඛ නගරයකි. ලෝකයේ ඉහල ම “ගෝලීය පුරවරයන්” 1,000 අතර එය හත්වැනි ස්ථානයේ තැබීමට ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් නමැති උපදේශක ආයතනය කටයුතු කල අතර, චීන සංවර්ධන ආයතනය එම නගරය ලෝකයේ මූල්‍යමය මධ්‍යස්ථානයන් අතර අටවැනි ස්ථානයට ශ්‍රේනිගත කලේ ය. පුරෝකථනය කල හැකි හා වැලැක්විය හැකි ලැව්ගිනි එවන් නගරයක් තුල අපාලිතව පැතිරී යාම, සමස්ත ගෝලීය ආර්ථික හා සමාජ ක්‍රමයට එරෙහි දෝශාභියෝගයකි.
පරිසරය ධනවාදය විසින් අපාලිත ව සූරාකෑමේ ම නිර්මිතයක් වන දේශගුනික විපර්යාස ලොස් ඇන්ජලීස් ගිනි තුල නිසැක ව ම කාර්යභාරයක් ඉටු කරයි. දකුනු කැලිෆෝනියාවේ වඩා දීර්ඝ වියලි ඍතු ගිනි අනතුර වැඩි දියුනු කර තිබෙනවා පමනක් නො ව, පවතින ජල සැපයුම් අඩු කර ප්‍රති-පියවරයන් වර්ධනය කිරීමේ ප්රයත්නයන් සංකීර්න කිරීම ද කර ඇත. එක් මෑත අධ්‍යයනයක් සොයාගත් පරිදි, මානවයන් ඇති කරන ලද දේශගුනික විපර්යාස, 1996 සිට 2021 දක්වා කැලිෆෝනියාවේ පිලිස්සුනු ප්‍රදේශ ප්‍රමානය සියයට 320කින් ඉහල යාම ට තුඩුදුන්නේ ය.
සමස්ත දේශපාලන සංස්ථාපිතය මෙම ව්‍යසනය සඳහා වගකීම දරයි. අප්රමානවත් ගිනිනිවීම් දෙපාර්තමේන්තු අයවැය, අප්රමානවත් ජල සැපයුම්, යල්පිනූ හා අනාරක්ෂිත ගොඩනැගිලි භාවිතයන් යනා දී මේ සියල්ලට, ලොස් ඇන්ජලීස් නගරයේ පාලනය දශක ගනනාවක් තිස්සේ දෘඪ ග්රහනයේ තබාගෙන සිටින ඩිමොක්රටික් පක්ෂය ඍජු ව වගකිව යුතු ය. ඩිමොක්රටික් නගරාධිපති කරේන් බාස්ගේ නවතම අයවැය යෝජනාවෙන්, ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව එහි අයවැය ඩොලර් මිලියන 126කින් වැඩි කරගෙන දැන් එහි සමස්ත අයවැය ඩොලර් බිලියන 2.14ක් වෙද්දී ගිනිනිවීම් දෙපාර්තමේන්තුවේ අරමුදල් ඩොලර් මිලියන 17.6කින් කපා දැමුවේ ය .,
වඩාත් ප්රගාඪ ලෙස, තර්කානුකූල නාගරික සැලසුමෙහි ප්රතිවිරුද්ධය ලෙස පමනක් විස්තර කල හැකි දෙයින්, ලොස් ඇන්ජලීස් විශේෂයෙන් ම පීඩා විඳියි. දශක ගනනාවක් පුරා, මෙම නගරය, කෙටි-කාලීන ලාභ අවශ්‍යතා විසින් නියෝග කෙරුනු දිශාවන් ඔස්සේ, අක්‍රමවත් ව විහිදී ගියේ ය. අප්රමානවත් ප්‍රවාහන යටිතල පහසුකම් හේතුවෙන් සෑම උදෑසනක ම හා හවසක ම මුලුමනින් ඇනහිටුවීමකට බඳුන් කරන යෝධ කොන්ක්‍රීට් නගරයක් මෙම ක්‍රියාදාමයෙන් නිර්මානය වී තිබේ.
කුප්‍රකට ස්කිඩ් රෝ වැනි ප්‍රදේශවල සහ වීදි දෙපස පිහිටුවා ඇති කූඩාරම් පේලිවල සිටින, දසදහස් ගනනක් වන නිවාස රහිත විශාල ජනගහනයක්, සෑමදිනක ම ධනවතුන් විසින් විලිලජ්ජා රහිත ව ගොඩනගා ඇති මාලිගාවන්ගෙන් වට වුනු කඳු දෙස බලන අතර, එම මාලිගාවන්ගෙන් බොහොමයක් වසරේ බොහෝ කාලයක් පුරා හිස් ව පවතී. නිවාස මිල ගනන් මෙන් ම බදු, සෞඛ්‍යාරක්ෂනයේ හා මූලික අවශ්‍යතාවල පිරිවැය කුප්‍රකට ලෙස අහස උසට නැග තිබේ.
පලිසෙයිඩ්ස් ගින්න ප්‍රදේශය පුරා පැතිරෙද්දී, ගෙටී විලා කෞතුකාගාරය පැහැදිලි ව හා ස්තුතිවන්ත විය යුතු ලෙස ඉතිරි වුනු බව සටහන් කිරීම වටනේ ය. භූමියේ ජල ගබඩාව, නිරන්තර බඩවැටි පිරිසිදු කිරීමේ ප්රයත්න, බිත්ති දෙකකින් ගොඩනගා තිබීම සහ ඉහල ම පන්නයේ පරිවාරක තාක්ෂනයන්, කෞතුකාගාරය විසින් ක්‍රියාවට දමන පියවරයන්ට ඇතුලත් වෙයි. විස්ථාපනය කල නො හැකි පෞරානික ග්‍රීක හා රෝම මෙවලම් රැකගැනීම සඳහා, කෞතුකාගාරය අසාමාන්‍ය ලෙස විහිදී තිබීම ගැන යමෙක්ට දෝෂාරෝපනය කල නො හැක. එහෙත් යමෙක් මෙසේ ඇසිය යුතු ය: එවන් පියවරයන් පවතී නම්, ඒවා නගරයෙහි අනෙක් සෑම නිවාසයකට ම හා වැඩපොලකට ම ව්‍යවහාර නො කලේ ඇයි?
සත්‍ය වසයෙන් ම, ලොස් ඇන්ජලීස් නගරය එහි සීමාවන් තුල සංකේන්ද්‍රනය වී පවතින ධනය තාර්කික ව භාවිතා කරන ලද්දේ නම්, මූලික ව, විනාශකාරී ගින්නක් පැතිර යාමෙන් වැලකීම සඳහා සම්පත් බෙදාහරිනු ලැබ, ප්‍රති-පියවරයන් උපරිපතනය වීමේ (එක පිට එක වැටීමේ) අන්තරාය අඩු කෙරී, ඉහල අන්තරායක තතු තුල තීරනාත්මක ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනු ඇති නිසා එකදු ව්‍යුහයක් වත් ගිනි නො ගැනීමට ද එකදු පුද්ගලයෙක් වත් මිය නො යාම ට ද ඉඩ තිබුනි;.
ලැව්ගිනි, ගංවතුර, සැඩසුලං, භූ-චලන හා කෝවිඩ්-19 වැනි රෝග පැතිරී යාමට තුඩුදෙන බොහො දේ වැලැක්වීමට අවශ්‍ය කරන සම්පත් හා විද්‍යාත්මක ඥානය 2025 වසරේ සෑමතැනක ම පවතී. එහෙත්, අසීමිත මිලිටරි අයවැය තුලට ද එලොන් මස්ක් හා ජෙෆ් බෙසෝස් වැනි අස්වාභාවික ලෙස ධනවත් කතිපයාධිකාරීන්ගේ පොකට්ටු තුලට ද සිය සියලු සම්පත් පොම්ප කරන සමාජයක් ව්‍යසනයට පත් කිරීමට, එවන් “ස්වාභාවික” ව්‍යසනයන් සමත් වෙයි.
රිපබ්ලිකානුවෝ එම කතිපයාධිකාරයේ අවශ්‍යතා නියෝජනය කරන්නේ ඩිමොක්රටිකයන්ට අඩුවෙන් නොවෙති. විශේෂයෙන් ම, බලයට පැමිනෙන ට්‍රම්ප් පරිපාලනය, ගිනිනිවීම් දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාම සඳහා ගිනි තබන්නන්ගේ කන්ඩායමකට ආරාධනා කිරීමට සමාන වේ. සංගත කොල්ලකෑම මත පවතින සියලු සීමාවන් සම්පූර්නයෙන් ඉවත් කිරීම අඩංගු වන ට්‍රම්ප්ගේ පාරිසරික පිලිවෙත්, කම්කරු පන්තියේ සමාජීය අවශ්‍යතා ද ග්‍රහලෝකය මත අනාගත ජීවිතය ද මත කතිපයාධිකාරයේ අවශ්‍යතා ආධිපත්‍යය දැරීම මූර්තිමත් කරයි.
දේශගුනික විපර්යාස සමගින් වැලැක්විය හැකි රෝග හා පෙරදැකිය හැකි නාගරික ව්‍යසනයන් වනාහි, ගෝලීය විසඳුමක් අවශ්‍ය කරන ගෝලීය ප්‍රශ්න වේ. එම විසඳුම වනාහි සමස්ත කම්කරු පන්තික ජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව, අවශ්‍යතා සහ අභිලාෂයන් ප්රමුඛ වන පරිදි සියලුම නගරවල පරිපාලනය ඇතුලත් වන නිෂ්පාදනයේ ප්රජාතන්ත්රවාදී අධීක්ෂනය සහ අවශ්‍ය සියලු ප්රවනතා නැවැත්වීමට සහ ආපසු හැරවීමට ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කෙරුන තාර්කික සැලසුම්කරනයේ සමාජවාදී වැඩපිලිවෙල කි.
වර්තමානයේ ලොස් ඇන්ජලීස් පුරවරය විෂ දුම් ආග්‍රහනය කරන අතර ම, එය සතුව යෝධ හා අලංකාර ස්ථානයක් වීමේ විභවය පවතී. සමාජවාදී සැලසුම්කරනය සමග ඒකාබද්ධ කෙරෙන, පැසිෆික් සාගරයට ඉහලින් වසර පුරා එහි පවතින හිරු නැගීම හා සුවිශේෂී හිරු බැසයාම සමගින්, හුදෙක් ධනවත් සුලුතරයට පමනක් නො ව, පෘථිවියේ සියලු පුරවැසියන් සඳහා වන පාරාදීසයක් බවට එයට සත්‍ය වසයෙන් ම පත්විය හැක.
ඒ අතර ම, ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මගින් ඉස්මතු කරන ප්‍රශ්න විශ්වීය ප්‍රශ්න වේ. සමාජය මුහුන දෙන සියලු මූලික ගැටලු වනාහි, තර්කානුකූල හා සැලසුම්ගත ක්‍රමයක් තුල සමාජීය අවශ්‍යතාවේ පදනම මත යෝධ සම්පත් බෙදා දීම අවශ්‍ය කරන මහා ගැටලු වේ.
තාක්ෂනය සහ නිෂ්පාදන බලය දැනට මත් පවතී. නො පවතින දෙය වන්නේ, ලෝකය පුරා කම්කරු පන්තියේ විශිෂ්ට ප්රගතිශීලී හා විප්ලවවාදී විභවය මුදාහැරීමට සමත් සමාජවාදී නායකත්වයක් යටතේ කම්කරු පන්තියේ සංවිධානය වීම පමනි.