යාපනය විශ්වවිද්‍යාලයේ පරිපාලනය, “නොහික්මුනු ක්‍රියාකාරකම්” සිදු කිරීමේ චෝදනාව මත, සිසුන් කිහිප දෙනෙකුට නියම කල පන්ති තහනම ඉවත් කර ගැනීමට විරුද්ධව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය (ජූටා) ජනවාරි 28 සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
ගුරුවරුන් විරෝධතා ක්‍රියාමාර්ගයට එලඹුනේ, පරිපාලනය විසින් සිසුන් නව දෙනෙකුට පනවා තිබූ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනවාරි 24 සහ 25 යන දිනවල යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය (ජූසූ) විසින් මෙහෙයවන ලද සත්‍යග්‍රහයෙන් පසුව ය. සිසුන්ගේ විරෝධතාවයට ප්‍රතිචාර වශයෙන් යාපනය විශ්වවිද්‍යාල කවුන්සිලය සිසුන්ගේ පන්ති තහනම අවලංගු කලේය. ජූටා මෙම තීරනයට විරුද්ධ ව සිටී.
සිසුන්ට එරෙහි විනය පරීක්ෂන නතර කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම, සිසුන්ට කැමති විෂයක් තෝරා ගැනීමට අයිතිය සහ කථිකාචාර්යවරුන්ගේ “අක්‍රමිකතා” විමර්ශනය කිරීම සහ සිසුන්ට වහාම මූල්‍ය ආධාර සැපයීම ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම් අතර විය. වට්ස්ඇප් මගින් සාකච්ඡා කල සිසුන් දඩයම් කිරීමටද එය විරුද්ධත්වය පලකොට තිබුනි.
'විනාශකාරී ක්‍රියාවන්හි යෙදෙන, දේපලවලට හානි කරන හෝ ප්‍රකාශනයේ නිදහසට බාධා කරන සිසුන්ට එරෙහිව පරිපාලනය පියවර නොගන්නා බවටත්; ක්‍රමානුකූලව පරීක්ෂන ප්‍රමාද කරන බවටත්” ජූටා චෝදනා කරයි.
විශ්වවිද්‍යාල සිසුන්ට පන්ති තහනම නැවත පැනවිය යුතු බවත්; වැරදි ක්‍රියාවන්හි යෙදෙන සිසුන්ට දඬුවම්වලින් නිදහස් වීමට ඉඩ සලසන පරිපාලනයේ පිලිවෙත නතර කලයුතු බවත් ගුරු සංගමයේ ඉල්ලීම් අතර වේ. සිසුන් අතර “මත්ද්‍රව්‍ය භාවිතය සහ සදාචාර විරෝධී හැසිරීම්” පිලිබඳව ද සංගමය පැමිනිලි කර තිබේ.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, “වැරදි හැසිරීම්” වල නියැලී සිටින බවට චෝදනා කරමින් සිසුන්ගේ පන්ති තහනම් කිරීමට සහ විශ්වවිද්‍යාලය තුල දැඩි විනය තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ජූටා කරන ඉල්ලීම හෙලා දකී.
එවැනි කැඳවුමක්, යාපනය විශ්ව විද්‍යාල පරිපාලනයට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ ආන්ඩුවට, සිසුන්ට පමනක් නොව ගුරුවරුන්ට ද එරෙහිව වඩාත් මර්දනකාරී පියවර ගෙන ඒමට උපකාරී වනු ඇත.
සිසුන්ගේ පැත්තෙන් සිදුවන අරාජික ක්‍රියාවන්, නවක වදය වැනි ප්‍රතිගාමී ක්‍රියා හෝ හානිකර දේවල් සසජාතශි අනුමත නොකරයි. අපි ඒවාට විරුද්ධවෙමු.
ආන්ඩුව ගුරුවරුන් සහ සිසුන් එකිනෙකාට එරෙහිව චෝදනා හා ප්‍රති-චෝදනා සහ ගැටුම් උපයෝගී කරගනිමින් විශ්වවිද්‍යාලය තුල මර්දනයක් දියත් කර දෙපාර්ශ්වයටම බලපාන මර්දනකාරී පියවරයන් පනවනු ඇති බවට අපි අනතුරු අඟවමු.
අඟහරුවාදා කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය “යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මන්ඩලය විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිලිබඳ වාර්තාවක්” කැඳවා ඇති බවයි.
“අධ්‍යයන කටයුතුවලට බාධා කරන ඕනෑම ගැටලුවක් ආන්ඩුව විසින් කඩිනමින් විසඳනු ඇත” යනුවෙන් ද පැවසූ ජයතිස්ස, “ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට පෙර අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන ලෙස” සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත හැක්කේ “ගැටලු විසඳා නොගතහොත් පමනක්” බව ඔහු පැවසීය.
මෙම වචන පිට වන්නේ, විශ්වවිද්‍යාල තුල සහ රට තල, ප්‍රකාශනයේ, කතා කිරීමේ සහ සංවිධානය වීමේ නිදහස මර්දනය කිරීමට ක්‍රම සොයන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුර්ග කප්පාදු පියවර ක්‍රියාවට දමන ආන්ඩුවකිනි.
ගුරුවරුන් සහ සිසුන් අතර ගැටුමට ආසන්නතම හේතු කුමක් වුවත්, අපි අවධාරනය කරන්නේ, එහි මූල හේතුව පවතින්නේ වෙනත් තැනක බව ය: එනම්, පසුගිය දශක කිහිපය තුල යාපනය විශ්වවිද්‍යාලයේ පරිහානිගතවීමේ තත්වය—ඒ කාරනය සියලුම විශ්වවිද්‍යාලවලට පොදු ය—දැන් දැන් වඩාත් හිස ඔසවමින් තිබේ; මෙය සිදුවන්නේ රට ගිලගෙන ඇති ගැඹුරු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක සන්දර්භය තුල ය. ගැටුමට හේතු ලෙස පෙන්වා දෙන ආසන්නතම කරුනු, අවධානය වෙනතකට යොමු කොට මූල හේතු අවරනය කිරීමට පමනක් තුඩු දෙයි.
යාපනය විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන්, යහපත් අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය නිසි අධ්‍යාපන පහසුකම් නොමැතිකමට මුහුන දී සිටිති. ගුරුවරුන්, පුස්තකාල සහ විද්‍යාගාර පහසුකම් හිඟය තදබල තත්වයක පවතී.
බොහෝ සිසුන් අධ්‍යාපන, නේවාසිකාගාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වියදම් දැරිය නොහැකි පවුල්වල අය වෙති. විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය පසු ඔවුහු රැකියා විරහිත ගැටලුවට මුහුන දෙති. ගුරුවරු තම අධ්‍යයන කටයුතු පුලුල් කරගැනීමේ අවස්ථා නොමැතිවීමේ ප්‍රශ්නවල සිරවී සිටිති.
විශේෂයෙන්, උතුරු නැගෙනහිර ජනතාව තවමත් කොලඹ ආන්ඩු විසින් වසර 26 ක් පුරා බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය ලේ වැකි වාර්ගික යුද්ධයෙන් ඇති වූ විනාශයෙන් පීඩා විඳිති. පලාත් දෙක තවමත් පවතින්නේ, හමුදා වාඩිලා ගැනීම යටතේ ය.
රනිල් වික්‍රමසිංහගෙන් පසු බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල උත්සන්න කරමින් සිටියි.
එය ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාවගේ මත පැටවීමේ මුර්ග වැඩපිලිවෙලකි. ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම ගෝලීය ධනවාදී අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි. ජාමූඅ ක්‍රියාමාර්ගය සැලසුම් කර ඇත්තේ, විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම සහ ආයෝජකයින්ගේ ලාභ පොදි තරකිරීම සඳහා වැඩ කරන ජනතාවගේ සමාජීය හා ජීවන කොන්දේසි තලා දැමීම අරමුනු කරගෙන ය.
දශක ගනනාවක් තිස්සේ පැවති විශ්වවිද්‍යාල පරිහානිය තවදුරටත් ගැඹුරු වෙමින් පවතී. අනුප්‍රාප්තික ආන්ඩු, රාජ්‍ය අධ්‍යාපනය සඳහා වන වියදම් එකතැන පල්කරමින් සිටින අතර පෞද්ගලික, ලාභ උපයන අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කලහ. වත්මන් ජාමූඅ කප්පාදුව යටතේ, මහජන අධ්‍යාපනයට එරෙහි ප්‍රහාර තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය.
මෙය, පුද්ගලීකරනය, සුභසාධන කප්පාදුව, විවිධ බදු සහ තීරුබදු වැඩි කිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම සහ විශාල සමාගම් සහ විදේශීය ආයෝජකයින් සඳහා උපරිම පහසුකම් සැපයීම යන සමස්ත වැඩසටහනේ කොටසකි.
රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීම ශ්‍රී ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ඊනියා පසුගාමී රටවල මෙන්ම දියුනු ධනවාදී රටවලට ද එය දංගෙඩිය මත තබා ඇත ඇත. අධිරාජ්‍යවාදී රටවල සුපිරි ධනවත් කතිපයාධිකාරීත්වය විසින් ආධිපත්‍යය දරන ගෝලීය ධනවාදී ක්‍රමය, පෙර නොවූ විරූ සමාජ අසමානතාවය, පාරිසරික අර්බුදය, වසංගත ගැඹුරු කර, ඒකාධිපතිවාදයට, ෆැසිස්ට්වාදයට සහ යුද්ධයට යොමු වී ඇත.
සෑම අයෙකුම වටලා ගෙන ඇති මෙම වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස සසජාතශි සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. විශ්වවිද්‍යාලවල පිරිහෙන තත්වයන්ට මූලික හේතුව සහ ඒවාට බලපාන සමාජ ගැටලු කෙරෙහි ගුරුවරුන් සහ සිසුන් අවධානය යොමු කල යුතුය.
විශ්වවිද්‍යාල කවුන්සිලය සිසුන්ගේ පන්ති තහනම් අවලංගු කලේ අනුකම්පාවට නොව, විශ්වවිද්‍යාලයේ සැබෑ ගැටලුවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ගුරුවරුන් සහ සිසුන් අතර සතුරුකමක් ඇති කිරීමට බව අපි කියමු.
අනෙකුත් විශ්වවිද්‍යාලවල ද මර්දනකාරී තත්ත්වයක් පවතී. අධ්‍යාපන පහසුකම් ඉල්ලා සිටින, පෞද්ගලීකරනයට විරුද්ධ වන සහ විරෝධතාවල යෙදෙන සිසුහු, ආන්ඩුව විසින් උසිගන්වන පොලිස් මර්දනයන්ට මුහුන දෙති.
විශ්ව විද්‍යාලය තුල මර්දනකාරී විනය තන්ත්‍රයක් සඳහා ජූටා නායකයින්ගේ ඉල්ලීමට සහාය නොදෙන ලෙස සසජාතශි උගත් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. සිසුන්ට එරෙහි මර්දනකාරී තත්වයන් වැඩිකල් නොයාම ගුරුවරුන් වෙත ද පැමිනෙනු ඇත.
නිදහස් අධ්‍යාපනය සඳහා යහපත් පරිසරයක් සහ පහසුකම් සඳහා වන සිසුන්ගේ ඉල්ලීම්වලට සසජාතශි පූර්න සහයෝගය දක්වයි. ගුරුවරුන් සමඟ සතුරුකම ගැඹුරු කරන සිසු සංගම් නායකයින්ගේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ දේශපාලනය සමඟ සසජාතශි ට තියුනු මතභේද ඇත. නිදහස් අධ්‍යාපනය සඳහා අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ තම වරප්‍රසාද සඳහා කේවල් කරන, ජාමූඅ ප්‍රතිපත්තිවලට සහාය දෙන සහ අධිරාජ්‍යවාදී බලවතුන් පිටුපස බඩගාන දෙමල ධනපති පක්ෂවල ජාතිකවාදී දේශපාලනයට සිසුන් කොටු කිරීමට ය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලු නිදහස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා දැවැන්ත අරමුදල් ප්‍රතිපාදන අවශ්‍ය වේ. කිසිදු ධනේශ්වර ආන්ඩුවක් එසේ කිරීමට සූදානම් නැත.
ඒ නිසා අපි අවධාරනය කරන්නේ, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ධනේශ්වර ක්‍රමය තුලින් කිසිදු විසඳුමක් සොයාගත නොහැකි බවයි. එමෙන්ම, ධනේශ්වර රාමුව තුල වැඩ කරන ජනතාවගේ කිසිදු සමාජ ගැටලුවකට විසඳුම් නොමැත.
ලංකාවේ වර්ගවාදී යුද්ධය සහ ධනේශ්වර පන්තියේ අනෙකුත් අවශ්‍යතා සඳහා ලබාගත් විදේශ නය ප්‍රතික්ෂේප කිරීමෙන්, ධනවතුන් විසින් රැස් කරන ලද ධනය අත්පත් කර ගැනීමෙන් සහ කම්කරු පාලනයක් යටතේ, විශාල සමාගම් සහ බැංකු ජනසතු කිරීම මගින් පමනක් ම අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් සමාජ සුභසාධනය සඳහා අවශ්‍ය අරමුදල් නිදහස් කර ජනගහනයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සංවිධානය කල හැකි වේ.
දෙමල, සිංහල සහ මුස්ලිම් වාර්ගික වෙනස්කම් ඉක්මවා, කම්කරු පන්තිය දෙසට හැරී මෙම සමාජවාදී අරගලය සඳහා එක්සත් වන ලෙසත්, කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා සටන් කරන ලෙසත් සසජාතශි සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්සත් වෙමින් මෙම අරගලය දියත් කල හැකිය.
අප සසජාතශි හි ශ්‍රී ලංකා ශාඛාව යි. අපි මෙම වැඩපිලිවෙල සඳහා ස්ථිරසාරව සටන් කරමු. දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය යටතේ ජනවාරි 3 වන දින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහා රැස්වීමක් අපි සංවිධානය කලෙමු. දේශනයේ මාතෘකාව වූයේ “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන්නයි.
වැඩබලන උපකුලපතිවරයා මෙම මාතෘකාවට විරුද්ධ වූයේ එය “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බැවින්” එයට ඉඩ දිය නොහැකි බවත් පවසමිනි. මේ අනුව, කතා කිරීමේ නිදහස සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දමන ලදී. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ උසිගැන්වීම මත එල්ල වූ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම ප්‍රහාරයට එරෙහිව සසජාතශි බලගතු උද්ඝෝෂනයක නිරත වෙමින් සිටී.
සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම්ව තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලයට සම්බන්ධ වීමට සසජාතශි හා එක්වන ලෙස අපි යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.