කම්කරු මාවත නවතම ප්‍රකාශනය: ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පොත ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි

මෙම පුස්තිකාව කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වාර්ෂික​ව නවක සිසුන් වෙත බෙදා හරි​න ප්‍රතිසංස්කෘතියක ඇරඹුම කෘති​යේ 2024 වසරේ සංස්කරනය සම්බන්ධයෙන් මාක්ස්වාදී විග්‍රහය​කි. මෙම කෘතිය තුල කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට එවකට නායකත්වය දුන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ඉදිරිපත් කරන ප්‍රතිගාමී ද්​රුෂ්ටිවාදයන්​ වන අනන්‍යතා දේශපාලනය, ශිෂ්‍ය බලය පිලිබඳ සංකල්පය උත්කර්ෂයට නැංවීම, ධනේශ්වර රාජ්‍ය පිලිබඳ දුර්-මතවලට සිසුන් ගැට ගැසීමේ යෝජනා, ස්ත්‍රීවාදය ප්‍රචාරය කිරීම, ප්‍රතිසංස්කෘතිය පිලිබඳ ප්‍රතිගාමී සංකල්පය, වර්ගවාදය සහ අවිශිබම යන උප මාතෘකා ඔස්සේ ඒවාට එරෙහිව තර්ක කරයි.

ප්‍රතිසංස්කෘති​යක ඇරඹුම කෘතිය විශ්වවිද්‍යාල සිසුන්ට, උපසංස්කෘතියක් ලෙස හඳුන්වනු ලබන සුවිශේෂී සංස්කෘතියක් ඇති බව කියා සිටී. එය සිසුන්ට විශේෂ බලයක් ඇති බව ප්‍රකාශ කරයි; එය සමාජයේ සියලුම පන්ති මහා සමාජයක් බවට සිඳුවයි; එය විසින් නම් කෙරෙන මෙම මහ සමාජය, ශිෂ්‍ය අරගලය හරහා පමනක් අවබෝධය ලඟාකර ගත යුතු අඥානයන් කන්ඩායමක් ලෙස හෙලා දකී. මහා ශිෂ්‍ය සංගමයට අනුව ශිෂ්‍යයෝ එම සංස්කෘතිය මහා සමාජයට ප්‍රතිසංස්කෘතියක් ලෙසින් එන්නත් කල යුතුය. මේ ආකාරයට ශිෂ්‍ය සංගමය විවිධ න්‍යායයන් ගොඩනගන්නේ ධනපති ක්‍රමයට ශිෂ්‍යයන් සහ තරුනයන් ගැට ගැසීමටය.

මෙම ප්‍රතිගාමී ද්රුෂ්ටිවාදයන් ගලා එන්​නේ අවිශිබමට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස​හ ඔවුන් අනුය​න පශ්චාත් නූතනවාදය වැලඳගත්, පන්ති අරගලය ප්‍රතික්ෂේප කල සහ අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කල විවිධ ප්‍රති මාක්ස්වාදී මතවාදයන් හරහාය. මෙ​ම කෘතිය බෙදා හරින්​නේ කැලනිය විශ්ව විද්‍යාලයේ පමනක් වුවද  ‍අනෙකුත් විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් ඉදිරිපත් කරන්නේ ද මෙම ද්රුෂ්ටිවාදයම ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන තතු තුල අධ්‍යාපනය එම ප්‍රහාර වල මූලික අංශයක් බවට පත්ව ඇත. ආන්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ පාසල් වසා දමමින් ශ්‍රම වෙලඳපොලට ගැලපෙන ආකාරයට අධ්‍යාපනය කප්පාදු කිරීමට නියමිතය. මෙම කොන්දේසි යටතේ ශිෂ්‍යයින්ට තමන් මුහුන දෙන සමාජ ආර්ථික ගැටලු වලට එරෙහිව සටන් කිරීම සඳහා මෙම ප්‍රතිගාමී මතවාද වලින් බිදී කම්කරු පන්තිය සමග නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ සටනකට එක් විය යුතුය. මෙම ඒකාබද්ධ සටන වර්ධනය කල හැක්කේ ධනපති ආන්ඩුවලට බලපෑ දැමීම හරහා ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යා​ව අවිශිබම සහ ශිෂ්‍ය සංගම් වලින් දේශපාලනිකව කැඩී ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනි. ඒ සඳහා මෙම කෘතිය හදාරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

වෙනත් කම්කරු මාවත ප්‍රකාශන ගැන දැන ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.

මිල දී ගැනීම සඳහා විමසීම්:  0773562327

Loading