ලියොන් ට්‍රොට්ස්කි ගේ ප්‍රංශය කොයිබටද?

කම්කරු මාවත ප්‍රකාශන

2025 ජූලි කම්කරු මාවත ප්‍රකාශයක් ලෙස පලකල, පිටු 250කින් යුත් මෙම කෘතිය 716 1/1, කෝට්ටේ පාර, ඇතුල්කොට්ටේ, කෝට්ටේ ලිපිනයේ ඇති සසප කාර්යාලයෙන් මිලදී ගත හැක. කුරියර් සේවාව හරහා පොත ගෙන්වා ගැනීමට, 0776939344 දුරකථන අංකය අමතන්න. රු.750ක් වන මෙම කෘතිය මෙවර බන්ඩාරනායක සම්මන්ත්‍රනශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් මිලකට අලෙවි කරනු ඇත. පොත් ප්‍රදර්ශයේ තිබෙන “සේරි පබ්ලිකේෂන්” මෙම කෘතියත්, තවත් කම්කරු මාවත ප්‍රකාශන ගනනාවක්ම සහනශීලී මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත .

***

ප්‍රංශය කොයිබටද? ලියොන් ට්‍රොට්ස්කි

සිංහල පරිවර්තනය-විජේ ඩයස්

පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින් පවතින තතු යටතේ, 1930 ගනන් මැද--- ෆැසිස්ට්-බොනපාට්වාදී-රාජාන්ඩුවාදී කන්ඩායම මතුවූ 1934 පෙබරවාරි 6දා සිට, දැවැන්ත ජෙනරල් ස්ට්‍රයිකයේ 1936 මැයි-ජූනි දක්වා--ප්‍රංශයේ අර්බුදග්‍රස්ත දේශපාලන තත්වයට, ලියොන් ට්‍රොට්ස්කි කල අතිශය දීප්තිමත් මැදිහත්වීම් පිලිබඳ වාර්තාවක් වන “ප්‍රංශය කොයිබටද?” කෘතිය, සියලු වැඩකරන ජනතාවගේ සටන්වලට මගපෙන්වීමක් සම්පාදනය කරයි. එහි සම්පූර්න සිංහල පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන ප්‍රථම අවස්ථාව මෙය යි.

මෙම මගඟු පරිවර්තනය කලේ, විජේ ඩයස් සහෝදරයා විසිනි. ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ද එහි පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) (1987-2022) ප්‍රධාන ලේකම් හා දිවියේ අවසන් වසරේදී සසප සභාපතිවරයා ලෙස ද කටයුතු කල විජේ ඩයස් සහෝදරයා, සිය දිවියේ අවසන් දිනවල සිදුකල බලගතු විප්ලවවාදී වැඩකටයුතුවලින් එකකි, මෙය.

ප්‍රංශය කොයිබටද? කෘතිය තුලදී, ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදී මහජන පෙරමුනු න්‍යායට එරෙහිව කම්කරු පන්තිය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් කොට, වර්ධනය කරන ලද එක්සත් පෙරමුනු න්‍යාය සම්බන්ධයෙන් පරිවර්තනයට ලියූ පෙරවදන තුලදී විජේ ඩයස් පහත කාරනය අවධාරනය කලේ ය:

“කම්කරු අයිතීන් ආරක්ෂා කර ගැනීම හා විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම නාමයෙන් කතා කරන විවිධ දේශපාලන සංවිධාන අතර එක්සත් පෙරමුනක් ගොඩ නැගීමේ උපාය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිලිබඳව ද ඒ සදහා ඉස්මතු කරන ඉල්ලීම් කවරේද යන්න පැහැදිලි කරගැනීමෙහිලා ද, ප්‍රංශය කොයිබටද? යන මෙම කෘතියෙහි අඩංගු පැහැදිලි කිරීම්, අත්‍යසාමාන්‍ය වැදගත්කමක් දරයි. එය, ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් තුන්වන ජාත්‍යන්තරයේදී කරන ලද යෝජනා වඩාත් ඉහල මට්ටමකින් විස්තාරනය කිරීමකි.”

Loading