[මෙය Ananda Daulagala (1948–2025), a longstanding Trotskyist leader in Sri Lanka යන මැයෙන් 2025 අගෝස්තු 21දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී නායකයෙකු වූ ආනන්ද දවුලගල අගෝස්තු 13දා, වයස අවුරුදු 77 දී අභාවප්‍රාප්ත විය. ඔහු තම බිරිඳ ශ්‍රියානි, දියනිය විදුරංගා, පුතුන් දෙදෙනා වන සමන්ත සහ අසංක සහ මුනුබුරන් අට දෙනෙකුගෙන් සමුගෙන ගියේ ය.
සිය ජීවිතයේ අවසන් දිනවල දීර්ඝ කලක් තිස්සේ රෝගාතුර ව සිටීමට සිදු වීම ඔහුගේ ක්‍රියාකාරී දේශපාලන වැඩ කටයුතු අවහිර කරන තෙක් ම, දවුලගල තම දිවියේ දශක හතරකට වැඩි කාලයක්, ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහාවූ අරගලයට කැප කලේ ය. අගෝස්තු 14දා මහනුවර මහයියාව සුසාන භූමියේ දී පැවති ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පවුලේ සාමාජිකයෝ, සහෝදරවරු සහ මිතුරෝ සිය ගනනක් සහභාගී වූහ.
දවුලගල, 1948 ජනවාරි 22දා, මධ්‍යම පලාතේ මාතලේ, නුගපිටියේ උකුවෙල දී උපත ලැබීය. දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූයේ ඔහු ය. ඔහුගේ පියා පාසල් විදුහල්පතිවරයෙකු වූ අතර මව ගෘහනියක වූවා ය. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වූ ඔහු අධ්‍යයන කටයුතු මෙන් ම, මලල ක්‍රීඩා යන දෙ අංශයෙන් ම කැපී පෙනුනු දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. එ මෙන් ම, ඔහු කරාටේ ක්‍රීඩාවේ කලුපටිධාරියෙකු විය. තවද, ශක්තිමත් පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙස, අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකුවත් දියේ ගිලීයාමෙන් බේරාගෙන තිබෙන බව ඔහුගේ බිරිඳ ශ්‍රියානි සිහිපත් කලා ය. 1969 දී, දවුලගල පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ සිංහල පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේ ය.
සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) එකල පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල බලගතු අනුහසක් පැවැතුනි. එවක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස දවුලගල, 1968 දී විකොස පිහිටුවීමට මූලිකත්වයක් ගනු ලැබූ “විරෝධය” කන්ඩායමේ සමීප ආධාරකරුවෙකු විය. දේශපාලනයේ තවමත් ක්‍රියාකාරී නොවූවත්, ට්‍රොට්ස්කිවාදයේ වැඩපිලිවෙල කෙරෙහි ඔහුට ගැඹුරු ගෞරවයක් තිබූ අතර, ජනතා විමුක්ති පෙරමුනේ (ජේවීපී) මැරයන්ගෙන් එල්ල වූ කායික ප්‍රහාරවලට එරෙහිව විකොස කන්ඩායමේ සාමාජිකයින් ආරක්ෂා කලේය. මාක්ස්වාදී සාහිත්‍යයට ගැඹුරින් ආසක්තවූ ඔහු, ඊලඟ දශකය තුල, පසුව කම්කරු මාවත බවට පත් වූ විකොසයේ සිංහල භාෂා පුවත්පත වූ කම්කරු පුවත් නිතිපතා කියවන පාඨකයෙකු බවට පත්විය.
දවුලගලගේ දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය පැමිනියේ, එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවට එරෙහි 1980 මහා වැඩ වර්ජනයෙන් පසුව ය. එහි දී ආන්ඩුව, වැඩ වර්ජිත රජයේ සේවකයන් 100,000 ක් සේවයෙන් පහ කිරීමට හදිසි බලතල යොදාගෙන තිබිනි. එකල සමූපකාර පරීක්ෂකවරයෙකු ලෙස සේවය කල දවුලගල, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වෙමින් වැඩ වර්ජනය ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පරිවර්තනය කරන ලෙස විකොස කල ඉල්ලීමේ වැදගත්කම හඳුනා ගත්තේ ය. වෘත්තීය සමිති, විරුද්ධ පක්ෂ සහ රැඩිකල් කන්ඩායම්, වර්ජනය “අදේශපාලනික” බව අවධාරනය කරමින්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට මුහුන දීම ප්‍රතික්ෂේප කල අතරේ, දවුලගල සහාය දැක්වූයේ විකොස ආස්ථානයට ය.
විකොස වැඩපිලිවලින් ඒත්තු ගැන් වී, වහාම පක්ෂයට බැඳීමට තීරනය කල දවුලගල, පක්ෂයේ මහනුවර ශාඛාවේ ක්‍රියාකාරී විය. පසුව ඔහු එහි ශාඛා-ලේකම් ලෙස වසර ගනනාවක් වැඩ කලේය. 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගී වීම නිසා නෙරපා හැරීමෙන් පසු මුහුන දීමට සිදුවූ බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ඔහු විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම වෙනුවෙන් නොසැලී සිටියේ ය. මෙම කාලය තුල, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට දෙමල විරෝධී ස්වෝත්තමවාදය අවුස්සමින්, කම්කරුවන්ට එරෙහි ව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කල අතර එය කුලුගැන්වුනේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයකිනි. දවුලගල සහ ඔහුගේ පක්ෂ සහෝදරවරු, විකොස උද්ඝෝෂනයේ කොටසක් ලෙස ජාතිවාදී යුද්ධයට එරෙහි ව නිර්භීත ස්ථාවරයක් ගත්හ.
දවුලගල, මහනුවර දී, විකොස සිංහල සහ දෙමල පුවත්පත් අලෙවි කරමින්—කම්කරු මාවත සහ තොලිලාලර් පාදෛයි—සහෝදරවරුන් සමග නිතිපතා සිදුකල පුලුල් උද්ඝෝෂනවලට නායකත්වය දුන්නේ ය. මහයියාව, හීරැස්සගල සහ හන්තාන වැනි ප්‍රදේශවල කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ සුලු ව්‍යාපාරිකයන් අතර ඔහු “කම්කරු මාවත සහෝදරයා” පුලුල් ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටියේ ය.
ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන්, කථිකාචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මන්ඩලය සමඟ නිතිපතා උද්ඝෝෂන සහ සාකච්ඡා සංවිධානය කල අතර, එම උත්සාහයන් කුලු ගැන්වුනේ, 1987 මැද භාගයේදී විශ්ව විද්‍යාලය තුල, එවකට විකොස තරුන අංශය වූ තරුන සමාජවාදීන්ගේ (වයිඑස්) ශාඛාවක් පිහිටුවීමෙනි. දවුලගල දේශපාලනික ව බලපෑමට ලක් කෙරුනු සහ අධ්‍යාපනය ලැබූ සිසුන් අතර අයෙකි, වත්මන් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර. දවුලගල තමා සමඟ කල බොහෝ න්‍යායික හා දේශපාලනික සාකච්ඡා ඔහුට විකොසට බැඳීමට පෙලඹවීමක් ඇති කල ආකාරය, ජයසේකර ඉමහත් ආස්වාදයෙන් සිහිපත් කරයි.
ධනේශ්වර සමාජයේ තීරනාත්මක විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය බවත්, ධනේශ්වර පාලනයට එරෙහි අරගලයේ දී සිසුන් කම්කරු පන්තිය දෙසට හැරිය යුතු බවත් දවුලගල නිරන්තරයෙන් අවධාරනය කලේ ය. ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයට එකඟ නොවූ අය පවා ඔහුගේ පනිවිඩයේ බැරෑරුම්කම හඳුනා ගත්හ. මාක්ස්වාදයට තමන්ගේ සහයෝගීතාව ගැන බොරු මවාපෑම්වල නිරත වූ ශාස්ත්‍රාලිකයන් විවේචනය කිරීමේ දී නිර්දය වූ ඔහු, ඔවුන්ගේ බියගුලුකම හෙලා දුටුවේ ය.
දවුලගල සාකච්ඡාවල දී දැක් වූ දේශපාලනික හා න්‍යායික ප්‍රතිපදානයන් ගැන සහෝදරවරු සිහිපත් කරන්නේ, මාක්ස්වාදී විශ්ලේෂනයන්හි ඔහුගේ නිරවද්‍යතාවය අවධාරනය කරමිනි. පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂනවල දී අපගේ කර්තව්‍යය විය යුත්තේ, හුදෙක් පුවත්පත විකිනීම පමනක් නොව, සතුරු අදහස් මධ්‍යයේ දී පවා, කම්කරුවන්ට සහ තරුනයින්ට පක්ෂයේ වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ඉවසිලිවන්ත ව පැහැදිලි කිරීම බව ඔහු අවධාරනය කලේ ය. පක්ෂ පුවත්පතේ කේන්ද්‍රීය කාර්යභාරය අවධාරනය කිරීම සඳහා ඔහු, එය, “සාමූහික ප්‍රචාරකයෙකු, සාමූහික උද්ඝෝෂකයෙකු සහ සාමූහික සංවිධායකයෙකු” විය යුතු බවට ඉස්ක්‍රා පුවත්පත සම්බන්ධයෙන් වී.අයි. ලෙනින්ගේ පැහැදිලි කිරීම නිති උපුටා දැක්වී ය. ඉංග්‍රීසි භාෂාව හදාරන ලෙසත්, මාක්ස්වාදී සාහිත්‍යය ගැඹුරින් අධ්‍යයනය කරන ලෙසත්, එක්සත් ජනපදයේ සසප පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය විසින් ප්‍රකාශයට පත් කරන ලද බුලටින් සඟරාව කියවන ලෙසත්, දවුලගල තරුන සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
දවුලගල, තම ප්‍රතිපත්තිගරුක දේශපාලන ස්ථාවරය නිසා කිහිප වතාවක් ම දඩයමට ලක්විය. 1984 දී, අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේ “ධවල පත්‍රිකාවට” එරෙහි ව විකොස උද්ඝෝෂනය අතරතුර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන දින 24 ක් රඳවා තබා ගත්තේ ය. බොරු චෝදනා මත සමුපකාර දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් ඔහුව දොට්ට දැමුනි. මෙම දඩයමට එරෙහිව විකොස දියත්කල උද්ඝෝෂනයේ ප්‍රතිඵලයක් ලෙස, අවසානයේ ආන්ඩුවට දවුලගල යලි සේවයේ පිහිටුවීමට බලකෙරුනි.
1985-86 දී ජාත්‍යන්තර කමිටුව එහි පූර්ව බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ ඇති වූ භේදයෙන් පසුව ඇතිවූ දිග්ගැස්සුනු පරිහානිය, දවුලගලගේ දේශපාලන නියැලීම ගැඹුරු කලේ ය. විකොස තියුනු න්‍යායික හා දේශපාලන කටයුතුවල ගිලී සිටි ඔහු, දේශපාලන වර්ධනයන් සමීප ව අධ්‍යනය කරමින්, තම පක්ෂ සහෝදරවරුන් සමඟ, කම්කරු පන්තිය තුල සහ තරුනයින් සහ ගම්බද දුප්පතුන් ඇතුලත පක්ෂයේ මූලයන් ශක්තිමත් කිරීමට කැප වී ගත්තේ ය.
එල්ටීටීඊයට එරෙහි ව ඇදී යමින් පැවති වාර්ගික යුද්ධය මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දැඩි අර්බුදයකට මුහුන දුන්නේ ය. 1987 ජූලි මාසයේ දී, ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ මැදිහත්වීමේ සහාය පැතූ අතර එහි ප්‍රතිඵලය වූයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රයේ සහාය ඇති ව එලැඹුනු ඉන්දු-ලංකා ගිවිසුම යි. එය, එල්ටීටීඊය නිරායුධ කිරීමටත්, උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමටත්, එම ප්‍රදේශවල ඊනියා ඉන්දියානු සාම සාධක හමුදා දස දහස් ගනනක් දිගේලි කලේ ය. ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි ව, විශේෂයෙන් ගම්බද තරුනයින් අතර වැඩෙමින් පැවති සමාජ නොසන්සුන්තාව මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදා දකුනට දක්කා ගැනුනි.
කම්කරු පන්තික ජාත්‍යන්තරවාදයේ දෘෂ්ටි කෝනයෙන් ගිවිසුමට විරුද්ධ වූ විකොස, මිලිටරි මැදිහත්වීමට එරෙහි ව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා කැඳවුම් කලේ ය. “ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ” යන මැයෙන් ජාත්‍යන්තර කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රකාශයකින්, ශ්‍රී ලංකා සහ දෙමල ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම පිලිබඳ සටන් පාඨය ඉස්මත්තට ගෙනාවේ ය. දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැකිවන්නේ, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ එක්සත් අරගලයක් හරහා පමනක් බව එය බැරෑරුම් ව අවධාරනය කලේ ය.
සිංහල ස්වෝත්තමවාදයේ පදනම මත ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ප්‍රතිගාමී ජාතිකවාදී උද්ඝෝෂනයක් දියත් කල ජේවීපිය, එය රටේ “භෞමික අඛන්ඩතාවට” තර්ජනයක් ලෙස හෙලා දුටු අතර, එජාප ආන්ඩුවේ සහ ඉන්දීය සාම සාධක හමුදා සිදුකරමින් තිබූ මර්දනය නොතකා හැරියේය. එය, දෙමල සුලුතරය සඳහා සීමිත බලය බෙදීමක් පවා ප්‍රතික්ෂේප කල අතර, ඒකීය ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රචන්ඩ කැරැල්ලක් දියත් කලේය.
1987 අගභාගයේදී, ජවිපෙ මැරයන් විශ්ව විද්‍යාලය තුල දේශපාලන කටයුතු නතර කරන ලෙස බලකරමින්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ “තරුන සමාජවාදීයෝ” සාමාජිකයින්ට මරන තර්ජන නියෝග නිකුත් කලෝ ය. තර්ජනයට ලක්වූ වයිඑස් සහෝදරවරුන් ආරක්ෂා කිරීම සඳහා විකොස/වයිඑස් හි ධෛර්ය සම්පන්න උද්ඝෝෂන ව්‍යාපාරයක් සංවිධානය කිරීමේ දී දවුලගල ප්‍රධාන කාර්යභාරයකට උර දුන්නේ ය. වයිඑස් සාමාජිකයන් දේශපාලනික ව ශක්තිමත් කිරීම සහ ව්‍යාපාරය සඳහා ඔවුන් සූදානම් කිරීම සඳහා, දවුලගල තම නිවසේ දී ඔවුන් සමඟ සාකච්ඡා පැවැත් වූ අතර, ජවිපෙට තීරනාත්මක ව පසුබැසීමට එමගින් බලකෙරුනි.
ජනතා විමුක්ති පෙරමුනේ ෆැසිස්ට් මැර බලය පුලුල්ව පැතිර ගියේ ය; එය, කම්කරු අරගල කඩාකප්පල් කරමින් ද මහජන අතෘප්තිය ස්වෝත්තමවාදී ඉන්දියානු-විරෝධී විරෝධය වෙතට හරවා යවමින් ද අවසානයේ අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලාංකික ධනේශ්වරය යන දෙපාර්ශවය ම ශක්තිමත් කලේ ය. ජවිපෙ තුවක්කුකරුවෝ සිය ගනන් කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් ඝාතනය කල අතර, වෘත්තීය සමිතිවාදීන් සහ එහි උද්ඝෝෂනයට සහාය දීම ප්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන් ද ඇතුලු ව, කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුප්පතුන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ මිනීමරු පොලිස් ව්‍යාපාරය සමග කරට කර වැඩ කලහ.
ජවිපෙ දාමරිකයන් විසින්—1988 නොවැම්බර් 12දා වැලිමඩදී ආර්.ඒ. පිටවෙල, 1988 දෙසැම්බර් 23දා පේරාදෙනියේදී පී.එච්. ගුනපාල සහ 1989 ජුනි 23දා හලාවතදී ග්‍රේෂන් ගීකියනගේ යන—විකොස සාමාජිකයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුනි.
රාජ්‍ය හා ජවිපෙ ෆැසිස්ට් බලවේග දෙකෙහි ම බරපතල තර්ජන මධ්‍යයේ වුව ද, දවුලගල මහනුවර ශාඛාව නිර්භීත ව මෙහෙය වීමට සමත් විය. ඔහුගේ නිවස තරුන පක්ෂ සාමාජිකයින්ට ආරක්ෂිත නවාතැනක් බවට පත් විය. ජවිපෙ නියෝග නොතකා හැරීම නිසා ඝාතනයට ලක්වූ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වූ පී. එච්. ගුනපාලගේ අවමංගල්‍ය උත්සවයේ දී විකොස සහභාගීත්වය සංවිධානය කලේ ඔහු ය. ජවිපෙ සහ එජාප ආන්ඩුවේ මිනීමරු ක්‍රියාකාරකම්වලට එරෙහි ව, කම්කරු පන්ති පක්ෂ සහ සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා විකොස දියත්කල උද්ඝෝෂනයේ දී දවුලගල අතිමූලික කාර්යභාරයක් ඉටු කලේය.
ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු වූ දවුලගල, අසනීප තත්ත්වය විසින් බාධා කරන තෙක් ම පක්ෂයේ පරිවර්තන කමිටුව භාර ව සිටියේ ය. 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පිහිටුවීමෙන් පසු, වැදගත් ලියකියවිලි ද ඇතුලුව, සිය ගනනක් නොඑසේ නම්, දහස් ගනනක් ලිපි සිංහල බසට පරිවර්තනය කලේය. දුඃසාධ්‍ය රෝග තත්වය හේතුවෙන් අත් සහ ඇඟිලි ක්‍රියාකාරීත්වය අඩපන වීමෙන් ඔහු ඉමහත් සිත් තැවුලට පත් ව සිටියේ ය. එහෙත්, ඔහුගේ අවසන් කාලය දක්වා ම, ශ්‍රවනය කිරීම සඳහා ලෝසවෙඅ ලිපි කියවන මෙන් ඔහු ශ්‍රියානිගෙන් ඉල්ලා සිටියේ ය.
දවුලගල තම සෙනෙහස පෙන්වූයේ කලාතුරකින් වුව, ඔහු ගැඹුරින් ම ආදරය කල බව ශ්‍රියානි සඳහන් කලා ය. “බැරෑරුම් පෙනුමට යටින්, ඔහු මෘදු හා ඉතා ආදරනීය පුද්ගලයෙකු” වූ බව ඇය කීවේ හැගුම්බර ව ය. පරම ප්‍රේමය පිලිබඳ ව කියැවෙන විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ “නිම් හිම් සෙව්වා මා සසරේ...” ඔහුගේ ප්‍රියත ම ගීතය මුමුනමින්, එය රචනා කර ඇත්තේ සහ සුගායනය කර ඇත්තේ ඔවුන් වෙනුවෙන් ම යැයි බොහෝ අවස්ථාවල දවුලගල ඇයට පවසන ආකාරය, ශ්‍රියානී ආදරයෙන් සිහිපත් කලාය.
අවමංගල්‍ය උත්සවයේදී තම පියා “සුවිසල් පුද්ගලයෙක්” ලෙස විස්තර කල දවුලගලගේ දියනිය විදුරංගා, තම දරුවන්ට ඔහු නැති අඩුව දැඩි ලෙස දැනෙනු ඇති බව පැවසුවාය. අවමංගල්‍ය රැස්වීමේදී කතා කරමින්, ඇය සමඟ සිදු වූ සංවාදයක් සිහිපත් කරමින් සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන විස්තර කලේ, දවුලගල තම දරුවන් වෙනුවෙන් පමනක් නොව, ලෝකයේ සෑම දරුවෙකුගේ ම අනාගතය වෙනුවෙන් තම ජීවිතය කැප කල, ශ්‍රේෂ්ඨ විප්ලවවාදී සටන්කරුවෙකු ලෙස ය.
සමාජවාදී සමානතා පක්ෂය මෙම යාවජීව ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදියාට සමාචාරය පුද කරයි.