ප්‍රසිද්ධ සාකච්ඡාව

ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් ගෙන යන සටන ජය ගන්නේ කෙසේ ද?

වසර පහකට වැඩි කාලයක් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින, 16,000 කට අධික පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි), තමුන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස කරන යුක්තියුක්ත ඉල්ලීම, පසුගිය වික්‍රමසිංහ-රාජපක්ෂ ආන්ඩුව මෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ද දිගින්දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

පාසංනි න් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කර ගන්නා බවට ජනාධිපතිවරනයේදී දිසානායක දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා, 2024 දෙසැම්බර් 02 දා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පාසංනි පැවැත්වූ විරෝධතාවට දිසානායකගේ ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, එය මර්දනය කිරීමට පොලීසිය යොදවා සිවුදෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. පොලීසිය ඔවුන්ට එරෙහිව, බොරු චෝදනා ගොනු කරමින් රුදුරු දඩයමක් දියත් කලේය.

අනතුරුව, පාසංනි ට නායකත්වයදුන්, සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය, අධිකරනය තුලින් තම ඉල්ලීම දිනාගැනීමේ ක්‍රියාමාර්ග වලට එම අරගලය කොටු කලේය. අධිකරනයේ පැවරූ නඩු සිියල්ල නිෂ්ප්‍රභ වී ඇති තතු යටතේ, එම සංගමය, යලිත්, ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතාවන්ට තම සාමාජිකත්වය කැඳවා ඇත.

සසප සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරි කමිටුව ආරම්භයේ සිටම, පාසංනි ගේ අරගලයට තම පූර්න සහාය ලබා දෙමින්, එම අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කිරීමට සටන් වැදී ඇත. එපමනක් නොව, එම අරගලය ජය ගැනීමේ කම්කරු පංතික ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේය.

පාසංනි අරගලය ආරක්ෂා කිරීමේ කොටසක් ලෙස සසප සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරි කමිටුව ද ඇතුලත් කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය එක්ව, 2024 දෙසැම්බර් 21 දා කැඳවූ ඔන්ලයින් රැස්වීමේ දී අපි මෙසේ පැවසුවෙමු:

'පාසංනි ඉල්ලීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනුයේ, එය කැප වී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) හි කප්පාදු වැඩපිලිවෙලට එය එරෙහිවන බැවිනි. එබැවින්, ආන්ඩුවට බලපෑම් කිරීමෙන් එහි ගමන් මග වෙනස් කළ හැකි බවට කරන ප්‍රකාශ දේශපාලනික වශයෙන් ආවෘත අන්තයකි.'

ප්‍රශ්නයේ මූලය පවතිනුයේ, මිනිස් අවශ්‍යතාවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන ධනේශ්වර ක්‍රමය තුළ බවත්, පාසංනි ඇතුලු කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින්, ධනපති ආන්ඩුවට සහ ලාභ ක්‍රමයට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ එක්සත් අරගලයක් දියත් කළ යුතු බව අපි එහිදී පෙන්වා දුන්නෙමු.

ගෙවීගිය මාස නවයකට ආසන්න කාලය තුල, සිදුවීම් මගින් ඉහත වැඩපිලිවෙලේ අදාලත්වය වඩවඩාත් සනාථ වී ඇත.

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල යටතේ, රාජ්‍ය ව්‍යවසායන් සිය ගනන් ප්‍රතිව්‍යුහකරනයට හෝ වානිජකරනයට ලක් කිරීමේ ආන්ඩුවේ සැලසුම් ක්‍රියාවට නැංවීම ආරම්භ කර ඇත. එයට එරෙහිව විදුලිබල මන්ඩල, රජ්‍ය බැංකු, තැපැල්, දුම්රිය ඇතුලු අංශ ගනනාවක කම්කරුවන්ගේ සටන් අවුලුවා තිබේ. ඊට සමගාමීව, රැකියා විරහිත උපාධිධාරීන් මෙන්ම නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සටන් ඇවිලී ඇත.

නමුත්, මේ සෑම අංශයක ම වෘත්තීය සමිති, සමස්ත කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙක් මත බලමුලු ගන්වා ගැනීමට හතුරුව, ඉහත පන්ති සටන් හුදකලා කොට කම්කරුවන්ගේ සටන්කාමීත්වය දියකර හරිමින් සිටී.

සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයට කම්කරුවන් තවදුරටත් ඉඩ නොදිය යුතුය; සමිති නායකත්වයෙන් සටන තම අතට ගත යුතුය. සෑම වැඩපලකම, කම්හලකම, වතුයායකම, පාසලක ම සහ නිවස්නා ප්‍රදේශයකම, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරි කමිටු ගොඩනගා ගැනීම මෙහි පූර්වාශ්‍යතාවයි. ජාතිකව සහ ජාත්‍යන්තරව ගොඩනගන එවන් කමිටුවල ඒකාබද්ධතාවයෙන්, ගොඩනගන කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් එල්ල කරන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් තුලින් මෙම ධනපති ප්‍රහාර පරාජය කල හැකි ය. පාසංනි ගේ සටන ද ඉදිරියට ගෙන යා හැක්කේ එලෙසින් පමනි.

මෙම වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා, සසප හා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව, “ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් ගෙනයන සටන ජයගන්නේ කෙසේ ද ?” යන මැයෙන්, සැප්තැම්බර් 14 දා සවස 5 ට සූම් තාක්ෂනය ඔස්සේ පවත්වෙන ප්‍රසිද්ධ සාකච්ඡාවට සහභාගිවන ලෙස පාසංනි ගෙන් සහ අවශේෂ කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය: සැප්තැම්බර් 14

වෙලාව: සවස 5

රැස්වීමට සම්බන්ධ වන්න

ID 864 1996 5214

Passcode 390784

මෙම සබැඳියෙන් ද රැස්වීමට සම්බන්ධ විය හැකියි.

Loading