පසුගිය ජූලි 23දා මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කරමින් දියත් කල වැඩ වර්ජනයේ දී, එයට කෝපාවිෂ්ට ව බුරා පනින ලද ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන කැබිනට් මන්ඩලයේ දී ඉදිරිපත් කල වාර්තාවකින් පසු ව, දුම්රිය දෙපාර්තමේන්තුව “පුනර්-ව්‍යුහාත්මක” වෙනසකට බඳුන් කරනුවස් අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට “විද්වත් කමිටුවක්” පත්කරන ලදී.
මෙම කමිටුවේ වාර්තාව ඉදිරි සති කීපය තුල ඉදිරිපත් කිරීමට නියමිත අතර, දුම්රිය පාලනාධිකාරය කම්කරුවන්ට පසුගිය මස මුල දී කියමින් සිටියේ “මාස දෙකක කාලයක් ඇතුලත” දුම්රිය සේවය පූර්න “ප්‍රතිව්‍යුහකරනයකට” බඳුන් කොට අධිකාරියක් බවට පරිවර්තනය කරනු ලබන බව යි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) වික්‍රමසිංහ ආන්ඩුවට ඩොලර් බිලියන 3 ක ඇප නය ලබා දීමේ දී, එහි ප්‍රධාන කොන්දේසියක් ලෙස, රජයට අයත් ව්‍යවසායයන් 430ක් ප්‍රතිව්‍යුහගත කරන ලෙස -පුද්ගලීකරනය, වානිජකරනය හා වසා දැමීම- වික්‍රමසිංහ ආන්ඩුවට නියෝග කර තිබේ. මෙලෙස පුද්ගලීකරනයට හා වානිජකරනයට බඳුන් කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායයන් අතර දුම්රිය දෙපාර්තමේන්තුව ඉහලින් ම පවතී. දුම්රිය පුද්ගලීකරනයෙහි මූලික පියවර වන්නේ, එය දෙපාර්තමේන්තුවක සිට අධිකාරියක් බවට පත් කිරීම යි.
දැනට මත් මෙම කප්පාදු පියවරවල ප්‍රතිඵලයක් ලෙස, රජයට අයත් සතොස වෙලඳසැල් වසා දමා සේවකයන් 300ක්, සොච්චම් වන්දි ලබා දී සේවයෙන් නෙරපා දැමීමට ආන්ඩුව පියවර ගෙන ඇත. තව ද ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) කොටස් කිහිපයකට බෙදමින් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව තුල ද සතොස ආයතනයේ මෙන් සොච්චම් වන්දි මුදලක් ලබා දී සේවකයන් දොට්ට දැමීමේ සැලසුම් එම සංස්ථාවේ පරිපාලනය විසින් සකස් කර තිබේ.
මෙම පියවරවල අවසාන ඉලක්කය වන්නේ, දැනට මිලියන 1.7ක් වන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 8.5 තෙක් සියයට 50කින් කපා දැමීම යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රටෙහි කම්කරු පන්තිය හා ඔවුන්ගෙන් යැපෙන්නන් ඇතුලු මිලියන සංඛ්‍යාත පිරිසක් යන එන මං නැති තත්ත්වයකට පත්වීමට නියමිත ය.
වික්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලේ දී සුවිශේෂී ක්‍රියා කලාපයක් ඉටු කරන්නේ වෘත්තීය සමිති විසිනි. ජූලි 23දා දියත් කල අසනීප නිවාඩු වාර්තා කිරීමේදී මෙන් ම, මෑත දී, එනම් සැප්තැම්බර් 11දා බලවේග දුම්රියවල රියදුරන් දියත් කල වැඩ වර්ජනයේ දී ද වෙනත් දුම්රිය කම්කරුවන් තබා සමස්ත දුම්රිය රියදුරන් වත් වර්ජනයට කැඳවා නො සිටීමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය (දුඑරිස) වග බලා ගත්තේ ය.
අනෙක් අතට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) ද සහයෝගය සහිත ව, දුම්රිය වැඩපොල කර්මාන්තශාලාවලින් තෝරා ගත් කම්කරුවන් සුඛෝපභෝගී හෝටල් වෙත කැඳවා, පුද්ගලීකරනයට අවශ්‍ය මනෝගතියක් නිර්මානය කර ගැනීමට ඊනියා “දුම්රිය නගා සිටුවීමේ සංසඳ” පිහිටුවීමට දුම්රිය පරිපාලනය පියවර ගනිමින් සිටී. මෑත දී කොල්ලුපිටියේ හා වාද්දූවේ හෝටල් දෙකකට වාර දෙකක දී මෙලෙස කම්කරුවන් කැඳවා, ඔවුන්ට අධි මිල ආහාර පාන ලබා දී දුම්රිය පාලනාධිකාරයේ නිලධරය දේශන පවත්වා ඇත. මෙම කම්කරුවන් තෝරා ගැනීමේ දී වෘත්තීය සමිතිවල සහයෝගය ලැබී ඇතැයි වාර්තා වේ.
එහෙත්, මෙ ලෙස දේශනවලට සහභාගි වන කම්කරුවන්ට දුම්රිය පාලනාධිකාරය දැනුම් දී ඇත්තේ, ඔවුන්ට යම් ගැටලු තිබේ නම්, ඒවා වෘත්තීය සමිති හරහා නොව, සංසදයේ මෙම රැස්වීම්වලට ඉදිරිපත් කර අවශ්‍ය විසඳුම් ලබා ගන්නා ලෙස යි. මෙයින් පෙන්නුම් කරන්නේ, කම්කරුවන් බෙදා වෙන් කොට ලාභ ගරන ක්‍රමය පවත්වා ගෙන යාම සඳහා තව දුරටත් වෘත්තීය සමිතිවල සහයෝගය පමනක් ප්‍රමානවත් නො වන බවට පාලක පන්තිය තීන්දු කර ඇති බව යි.
සැප්තැම්බර් 11දා බලවේග දුම්රිය රියදුරන් දියත් කල වර්ජනයේ එක් දිනක, දුම්රිය වහලයේ වාඩි වී ගමන් කල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ඉන් ඇද වැටී මරනයට පත්වීම ගසා කා කම්කරු විරෝධයක් මහජනයා අතර වගා දිගා කිරීමට ඇමති ගුනවර්ධන බලගතු උත්සාහයක් දැරුවේ ය. දුඑරිස මෙම මරනයට වගකිව යුතුය යන ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කිරීම දක්වා ඇමතිවරයා ඉදිරියට ගියේ ය. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිවක් නො කියූ වෘත්තීය සමිති මුක පූට්ටු කරගෙන සිටිය හ.
ආන්ඩුව ක්‍රියාවට දමන පුද්ගලීකරන වැඩපිලිවෙල සම්බන්ධයෙන් දුම්රිය කම්කරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට හැකි විය. එහි දී, දුඑරිස ඇතුලු වෘත්තීය සමිතිවල බංකොලොත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විරෝධය දක්වන අතර ම, ආන්ඩුවට එරෙහි ව සිය කෝපය ද දුම්රිය කම්කරුවෝ පල කල හ.
ලෝසවෙඅ වෙත අදහස් දැක්වූ හලාවත ප්‍රදේශයේ දුම්රිය ස්ථානාධිපතිවරු කිහිප දෙනෙක්, වර්ජනය සමයේ දුම්රියවලින් වැටී මගීන් දෙදෙනෙකු මරනයට පත්වීම සම්බන්ධයෙන්, “මෙය දුම්රිය ත්‍රස්තවාදයක්” යයි ඇමති ගුනවර්ධන කල ප්‍රකාශයට සිය දැඩි විරෝධය පල කල හ. ඉන් එක් අයෙක් මෙසේ පැවසීය: “ඉතිහාසයේ කම්කරුවන් අරගල කල දිනාගත් අයිතීන්, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු හරහා පැහැර ගන්නවා. අපේ (ස්ථානාධිපතිවරුන්ගේ) වෘත්තීය සමිතියටත් තිබුනෙ මේ වර්ජනයට සහයෝගය දෙන්න. කම්කරු පන්තියට තමන්ගේ අයිතීන් දිනා ගන්න පුලුවන් වෙන්නෙ සාමූහික අරගලයකින්......ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පනවන්නෙ කම්කරුවන් මර්දනය කරන්න. දුම්රිය සේවාව හොඳින් පවත්වාගෙන යන්න ආන්ඩුවට උවමනාවක් නැහැ.”
දුම්රිය කම්කරුවන් මුහුන දෙන ගැටලු ලංකාවේ අවශේෂ කම්කරුවන් හා පීඩිත ජනයා ද ලෝක පරිමාන ව කම්කරුවන් ද මුහුන දෙන ගැටලුවල ම කොටසක් බවත්, කම්කරුවන් වෘත්තීය සමිති විසින් දිරිමත් කරනු ලබන ශ්‍රේනිවාදී සහ ක්ෂේත්‍රවාදී භේදකරනයන්ට යට නො වී සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගෙන අරගලය තමන් අතට ගත යුතු බවත්, ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔවුන්ට පෙන්වා දුන්හ.
දෙමටගොඩ දුම්රිය ධාවනාගාර කම්කරුවන් දෙදෙනෙක්, අධිකාරියක් බවට හැරවීම හරහා දුම්රිය පුද්ගලීකරනය කිරීමත්, වෘත්තීය සමිති නායකන්ගේ භූමිකාවත්, ආන්ඩුව මර්දනකාරී පනත් හා නීති හඳුන්වා දීමත් ගැන අදහස් පල කල හ.
වෑද්දුම්කරුවෙකු වන ඉන් එක් අයෙක් වෘත්තීය සමිති විසින් කම්කරුවන් බෙදා ඇති ආකාරය ගැන මෙසේ කීවේ ය: “දුම්රිය රියදුරන් පිලිබඳ ප්‍රශ්නවල දී අපිට සම්බන්ධතාවයක් නැහැ. මේගොල්ලෝ තනි පිරිසක් හැටියටයි වර්ජනයට ගියේ. ඔක්කොම එකතුවෙලා කරේ නැහැ. පොදුවේ වර්ජනයකට ගියා නම් ඕක වෙන්නේ නැහැ,” යනුවෙන් කිසිදු ඉල්ලීමක් නො ලබා ම රියදුරන්ගේ වර්ජනය නැවැත්වීමට සිදුවීම ගැන ඔහු සඳහන් කලේ ය.
ආන්ඩුවේ ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා සමස්ත කම්කරු පංතිය ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය නමුත්, එය පමනක් ප්‍රමානවත් නොවන බව පෙන්වා දුන් ලෝසවෙඅ වාර්තාකරුවෝ, ඔවුනට තම සටන ඉදිරියට ගෙනයාම සඳහා ස්වාධීන දේශපාලන වැඩපිලවෙලක් හා ඔවුන්ගේ ම පක්ෂයක නායකත්වය අවශ්‍ය බව පැහැදිලි කලහ.
දුම්රිය රියදුරු වැඩ වර්ජනයන් ඇතුලු අනෙකුත් වර්ජනයන් කිසිදු ඉල්ලීමක් දිනා නො ගෙන අවසන් කෙරෙන්නේ, ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකි යයි පවසන වෘත්තීය සමිතිවල ජාතිකවාදී ක්‍රියා මාර්ගයන්වල බංකොලොත් බව නිසා මිස වර්ජනයට සහභාගි වන කම්කරුවන් සංඛ්‍යාවේ හිඟ පාඩුවක් නිසා නො වේ. දුම්රිය සේවකයන් ඇතුලු කම්කරුවන්ට පවතින ජීවන තත්ත්වයන් කිසිසේත් ම දරාගත හැකි නො වේ.
දෙමටගොඩ අංගනයේ පාලම් අංශයේ වැඩ කරන කම්කරුවෙක් අදහස් දක්වමින්, දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තිය සමිති විසින් ඇති කර තිබෙන බෙදීම ගැන කතා කලේ ය. “ඒ වෘත්තීය සමිති කවදාවත් අනෙක් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන පෙනී හිටින්න නැහැ. ඒගොල්ලන්ගේ දේවල් දිනා ගන්න විතරයි ඒගොල්ලො වැඩ වර්ජනය කරන්නේ” යැයි ඔහු පැවසී ය.
දුම්රිය අධිකාරියක් කිරීමට එරෙහි ව කතා කරමින් ඔහු මෙසේ කියා සිටියේ ය: “මට ලැබී ඇති තොරතුරු අනුව වෘත්තිය සමිති ඔක්කොම දුම්රිය අධිකාරියක් කිරීමට කැමති වෙලා ඉන්නේ. ඒගොල්ලන් ගෙන්නල ඇමතිතුමා ඉස්සෙල්ල ම සාකච්ඡා කරලා තියෙනවා. ගිය අය [සමිති නායකයින්] තමයි තොරතුරු දන්නෙ. මාස දෙකකට කලින් හික්කඩුව හෝටලේක රියදුරන්ගෙ සහ නියාමකයින්ගෙ සමිති නායකයයෝ ආන්ඩුවේ නිලධාරිනුත් එක්ක සාකච්ඡා කරලා තිබුනා.”