තැපැල් වැඩවර්ජනය නිසා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ ලිපි හා තැපල් භාන්ඩ, සේවකයන්ගේ බරපතල විරෝධය මධ්‍යයේ, මිලිටරිය විසින් ඊයේ (22) සවස බසයක පටවා පිටතට රැගෙන යන ලදි. ආන්ඩුව මෙම පොලිස් මිලිටරි කඩාපැනීම සිදුකලේ, සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට, පඩි කැපීමට තර්ජනය කරමින් සහ පච ප්‍රචාරයක් උසිගන්වමින් ගෙනගිය ව්‍යාපාරයකින්, අගෝස්තු 17 පටන්ගත් තැපැල් වැඩ වර්ජනය බිඳ දැමීමට නොහැකිවූ තත්වය තුල ය.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවට විරුද්ධවෙමින්, තැපැල් සේවකයන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ අරගලයට සහයෝගය දීමට කම්කරු පන්තිය පෙරට ආ යුතුය. මෙම පොලිස්-මිලිටරි මර්දනය ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව, තම අයිතීන් රැකගැනීමට අරගලයට එන කම්කරු පන්තියේ සෑම කොටසකටම එරෙහිව කඩාපාත් කිරීමට සූදානම් කෙරෙන ප්‍රහාරයක ආරම්භය යි.
වැටුප්, අතිකාල දීමනා, සේවක හිඟය ඇතුලු ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් 17,000කට අධික තැපල් සේවකයන් දියත්කල දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ජවිපෙ/ජාජබ ආන්ඩුව තැතිගන්වා ඇත්තේ, මෙයින් අනෙකුත් කම්කරුවන් ද අරගලවලට ඇදී ඒම දිරිගන්වනු ඇති හෙයිනි.
වර්ජනයේ පසුගිය දින පහ තුල තැපැල් සේවකයන්ට එරෙහිව, ආන්ඩුව ජන මාධ්‍යය ද යොදාගෙන මහජනයා අතර වෛරය ඇවිස්සීමේ තුච්ඡ වෑයමක නිරත විය.
අගෝස්තු 17දා ඇරඹුනු වර්ජනය නිසා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු දිවයින පුරා තැපල් කාර්යාල විශාල ප්‍රමානයක් වැසී තිබේ. දෛනික තැපැල් බෙදාහැරීම මුලුමනින්ම පාහේ නැවතී ඇත. නියෝජ්‍ය තැපැල්පතිනියට අනුව අනුව වර්ජනය හේතුවෙන් දිනකට රුපියල් මිලියන 35-40 අතර පාඩුවක් සිදු වේ. අගෝස්තු 21දා වනවිට ලිපි හා තැපැල් භාන්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමානයක් ද විදේශ රටවලින් ලැබී ඇති ලිපි හා පාර්සල් ලක්ෂයකට අධික ප්‍රමානයක් ද ගොඩගැසී තිබෙන බව මාධ්‍ය වාර්තා කලේ ය. මෙම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, වර්ජනයේ බරපතල බලපෑමයි.
තැපල් කම්කරුවන් බිය ගන්වා වැඩට දැක්කීම සඳහා ආන්ඩුව සියලු නිවාඩු අහෝසි කර ඇති තත්වයද නොතකා තැපැල් කම්කරුවන් අරගලයේ යෙදී සිටින්නේ, දශක ගනනාවක් විවිධ ආන්ඩු විසින් තම ඉල්ලීම් නොතකා හැරීම කෙරෙහි දැඩි විරුද්ධත්වය සටහන් කරමිනි.
මහජනයා වර්ජකයන්ට එරෙහිව උසි ගැන්වීමට, “අතිකාල සම්බන්ධයෙන් කාර්ය මන්ඩලයේ පැමිනීම හා පිටවීම ඇඟිලි සලකුනු (ෆින්ගර් ප්‍රින්ට්) යන්ත්‍ර මගින් සටහන් කිරීමට” තැපැල් කම්කරුවන් විරුද්ධවත්වය පලකරන්නේ ය යන කතාවක් තැපැල් ඇමති ගෙතුවේ ය. ඇඟිලි සලකුනු යන්ත්‍ර තැපල් දෙපාර්තමේන්තුවේ දැනටමත් ක්‍රියාත්මක වන තත්වයක් තුල, මෙයට “කීප දෙනෙක් පමනක් අකමැති” බව කියන අතරම, අගෝස්තු 19දා පැවැති කැබිනට් තීරන දැනුම් දීමේ සාකච්ඡාවේදී, “ෆින්ගර් ප්‍රින්ට්වලට අකමැතිනම් ඒවා නැති තැනක වැඩට යන්න පුලුවන්” යැයි තැපැල් ඇමති වර්ජකයන්ට තර්ජනය කලේ ය.
අතිකාල වැඩි නොකරන බව කී ඇමතිවරයා, වර්ජනයට එරෙහිව “රජය විදියට දැඩි තීරනයක සිටින” බවත්, වර්ජනයට සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඒවා බවත් සඳහන් කලේ ය.
දශක ගනනාවක් තිස්සේ තැපැල් කම්කරුවන් උද්ඝෝෂනයට එන හේතුවලින් අංශුමාත්‍ර කොටසක් පමනක් නියෝජනය වන ඉල්ලීම් 19 කෙරෙහි අවඥා සහගතව ඇමති කීවේ, ඒවායින් 17ක්ම “අප දැනටමත් ඉටුකර හෝ ඉටුකරමින් ඉන්නා” බවයි.
ආන්ඩුව, අතිකාල දීමනා සම්බන්ධව ඇඟිලි සලකුනු යන්ත්‍රය සම්බන්ධ කර ගැනීම ගනන් බලා අඹරන ලද බොරුවකි. තැපැල් ඇමති විසින් ඇඟිලි සලකුනු යන්ත්‍රවලට “අකමැති කීප දෙනෙක්” ලෙස නම් කලේ, මධ්‍යම තැපල් හුවමාරුව සහ ප්‍රාදේශීය තැපල් තෝරන මධ්‍යස්ථාන 9 වැඩකරන දහස් ගනනක් කම්කරුවන් සම්බන්ධයෙනි.
ඇඟිලි සලකුනු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැති බව වෘත්තීය සමිති නායකයින් පුන පුනා සථප කරන අතරේ, ආන්ඩුව තැපැල් සේවකයන්ට එරෙහිව මහජනයා ඇවිස්සීම සඳහා මෙම කාරනාව දැඩිව අවධාරනය කරන්නේ, මේ සම්බන්ධයෙන් ඇති ප්‍රායෝගික ගැටලු මුලුමනින්ම වසන් කරමිනි.
පැය 24 මෙහෙයුම් සේවාවක් වන තැපෑලේ වැඩ පැය අට බැගින් සේවා වාර කොටස් වලට වෙන්කර තිබෙන අතර, එක මෙහෙයුම් ස්ථානයක සේවකයෙකු තම සේවා මුරය අවසන් කර එතැනින් ඉවත්ව යන මොහොතේ ඔහුගේ වැඩකටයුතු අඛන්ඩව කරගෙන යාමට අනෙක් සේවකයා එතැනට පැමින සිටිය යුතුවේ. එහෙත් නිසි ප්‍රවාහන සේවාවක් නොමැති තත්වයක් තුල කම්කරුවන් නිසි වේලාවට වැඩට ඒම, එහාමෙහා වන අවස්ථා එමට ය. කෙසේවෙතත්, මෙය ගැටලුවේ එක් පැත්තක් පමනි.
තැපෑලේ වාහන සම්බන්ධ කාරනාව ඇමති මවා පෙන්වන තරම් සුලුපටු එකක් නොවේ. එය හුදෙක් කාර්ය මන්ඩලය සේවයට වාර්තා කිරීමට අදාලව පමනක් නොව, නිසි වේලාවට ලිපි සහ තැපැල් භාන්ඩ ගෙන්වා ගැනීමට සම්බන්ධ කාරනයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කල තැපැල් කම්කරුවෙකු කීවේ, තැපැල් භාන්ඩ ගෙන යාම සඳහා වාහන ඇත්තේ ඉතා සීමිත ප්‍රමානයක් බවත්, ඒවාද අබලන් තත්වයේ පවතින බවත් ය.
අනෙක් අතට, දැනට තැපල් මලු ගෙනයාම, පොදු ප්‍රවාහන සේවාවන් වන දුම්රිය සහ ලංකා ගමනාගමන මන්ඩලයට අයත් බස්වලින් සිදුකරන අතර, බස් රථයේ හෝ දුම්රියේ ප්‍රමාදයක් සිදුවුවහොත්, ඒවා ගෙන එනතෙක් සේවාව නිමකර යාමට අදාල තැපැල් කාර්යාලයේ ස්ථානධිපතිට හැකියාවක් ඇත්තේ නැත. මේ පොදු ප්‍රවාහන සේවාවන් මත් ගත් කල පුද්ගලීකරනය ඉලක්ක කරමින්, නඩත්තු කඩයුතු සඳහා ප්‍රමානවත් අරමුදල් වෙන් නොකිරීමෙන් අබලන් තත්වයට පත් කර ඇති ඒවා ය.
අලුතෙන් වාහන ගැනීමට හෝ දැනට පවතින 7000ක් පමන වන පුරප්පාඩුවලට නව බඳවා ගැනීම් කරමින් කාර්ය මන්ඩලය පුලුල් කිරීමට ප්‍රමානවත් අරමුදල් යෙදවීම වෙනුවට, පෙර පැවැති ආන්ඩු මෙන්ම වත්මන් ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ, තව තවත් අලුත් මෙහෙයුම් තැපෑලට ඈඳීමත්, ඒ මගින් වත්මන් කාර්ය මන්ඩලයේ කරපිට දැවැන්ත බර පැටවීමත් ය.
කාර්ය මන්ඩලයේ සීමිතකම නිසා, එක් සේවකයෙකුට මෙහෙයුම් ගනනාවක වැඩ ආවරනය කරමින් වැඩකන්දරාවක නිමග්න වීමට සිදුව ඇත. ඇතම් තැපැල් කාර්යාලවල ඇත්තේ සිටියයුතු සේවක මන්ඩලයෙන් හරි අඩක් හෝ ඊටත් අඩු ප්‍රමානයකි. එසේ කියා සේවයේ නිරත වන අයට පුරප්පාඩු වී පවතින මෙහෙයුම් නැවැත්විය නොහැකි අතර, නිසි විවේකයක් හෝ හරිහැටි කෑම් බීම් පවා නොගෙන එකී සේවාවන්හි ද නිරත වීමට බලකෙරී තිබේ. වැඩ ගොඩ ගැසුනු ඇතම් අවස්ථාවල නිවසට ගොස් පවා වැඩ කිරීමට සිදුවන අවස්ථා ඇති බව තැපැල් කම්කරුවෙකු ලෝසවෙඅට කීවේ ය.
වැඩවල අධිකත්වය නිසා මධ්‍යම හුවමාරුවේ සේවය කරන අයෙකුට සෑම මාසයකම පැය 500-600 පමන අතිකාල පැය ගනනක් වැඩ කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. විශ්‍රාම ගන්නා කම්කරුවන් වෙනුවෙන් පුරප්පාඩු පිරවීමට ආන්ඩුව කටයුතු නොකරන තත්වයක් තුල, මෙම තත්වය තවත් නරක අතට හැරීම පමනක් සිදුවෙමින් තිබේ. එහෙත් ආන්ඩුව දැනට ගෙවන්නේ අතිකාල පැය 240කට පමනි. තැපැල් ඇමති ඇතුලු ආන්ඩුව, විශාල අතිකාල පැයගනනක් ගැන දුෂ්ප්‍රචාරයක් ගෙනයන්නේ මේ කරුනු වසන් කරමිනි.
දෙපාර්තමේන්තුව “දැවැන්ත පාඩුපිට” දුවන බව කීමේ දී තැපැල් ඇමැති මහජනයාට වසන් කරන්නේ තැපෑල හුදු ලාභ අරමුනු කරගත්තක් නොව, මහජන සේවාවක්ද බව යි. තැපැල් කම්කරුවෙකු පැවසූ ආකාරයට දින 30 මාසයේ සෑම දිනයකම අප්‍රමාන මහජන සේවාවන් රාශියක්- වයස 70ට වැඩි පුරවැසියන් සඳහා ලබා දෙන වැඩිහිටි දීමනා, රජයේ විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප් , ධීවර විශ්‍රාම වැටුප, පිලිකා-තැලසීමියා-වකුගඩු ඇතුලු රෝගාබාධ සහිත අය සඳහා ලබා දෙන දීමනා, බැංකු ශාඛාවන් නොමැති ප්‍රදේශවල අස්වැසුම්ලාභීන් සඳහා මාසික ගෙවීම් සහ මහජනාධාර (පිංපඩි) යනාදිය තැපැල් කම්කරුවන් විසින් සිදුකරන්නේ තමන්ගේ කාලය මෙන්ම ශ්‍රමය කැපකරමින් කිසිදු අමතර දීමනාවක් පවා බලාපොරොත්තු වන්නේ නැති ව ය.
ආන්ඩු ගැති මාධ්‍ය හොරනෑ මගින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ වර්ජකයන්ට එරෙහි වෛරය වැපිරීමේ ඉලක්කයෙන්, ආන්ඩුව විසින් අවුස්සනු ලැබූ උද්ඝෝෂනයට සහය දෙන කන්ඩායම්වලින්ම මෙහි විෂකුරු අරමුන පැහැදිලි ය . අගෝස්තු 20 කොලඹ අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුවට බඩගෑ දක්ෂිනාංශික “අපේ පරපුර” කල්ලියේ සභාපති සිදම්බරන් කරුනානිධි, තැපැල් වර්ජනය “ ආන්ඩුව පෙරලීම සඳහා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයක්” ලෙස හංවඩු ගසමින් ඒ පිලිබඳ පරීක්ෂනයක් පවත්වන ලෙස ඉල්ලා සිටි බව මාධ්‍යයට කීවේ ය. වර්ජකයක් පැය 24කින් සේවයෙන් නෙරපා දමන ලෙසත්, ඔවුන්ගේ පවුල්වල අය “බස් එකකටවත් නග්ගා නොගන්නා” ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ආන්ඩුවේ ප්‍රහාරයට එක් වෙමිනි.
දශක ගනනාවක් තිස්සේ කම්කරුවන් අතරින් කැකෑරෙමින් ආ අරගලය, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව යන දේශපාලන අරගලයක් වී ඇත. තැපැල්පති පැවසුවේ මේ ඉල්ලීම් ආන්ඩුවේ ප්‍රතිපත්ති සමග ගැටෙන බවයි. වෘත්තීය සමිති නිලධරය මෙම කරුන හිතාමතාම වසන් කරයි.
අන් සියල්ලටමත් වඩා, රාජ්‍ය සතු ව්‍යවසායක් ලෙස සලකන තැපෑල, ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ප්‍රකාර ලාභ ලබන ව්‍යවසායක් කල යුතු ය. මෙය දශක දෙකක් පමන කාලයක පටන් පවතින නියමයකි. ජාමූඅ වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කිරීමට දිවුරා ක්‍රියාකරන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, තැපෑල පුද්ගලීකරනය කිරීමේ හෝ එහි ආරම්භයක් ලෙස වානිජකරනය කිරීමේ වැඩපිලිවෙලක් අනුගමනය කරයි. වර්ජනය පරාජය කර, ආන්ඩුවේ නියමයන් පිලිගෙන කම්කරුවන් ආපසු වැඩට තල්ලුකර ගැනීමෙන් තම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට පහසුවන බව ආන්ඩුවේ ගනන් බැලීමයි.
වෘත්තිය සමිති නායකයෝ මේ අන්තරාය හිතාමතාම ආවරනය කොට, ආන්ඩුවට බලපෑම් දමා ප්‍රශ්න විසඳාගත හැකිය යන මුලාව පතුරුවමින් කම්කරුවන් දේශපාලනිකව අවමංගත කරමින් ආන්ඩුවේ උවමනාවට සේවය කරති. මෙම නිලධරය ආන්ඩුවේ තර්ජනයට හා මර්ධනයට එරෙහිව අනෙකුත් කම්කරුවන් වෙතට හැරී අරගලය පුලුල් කිරීමට සපුරා විරුද්ධ ය.
පාලක ජවිපෙ නායකයන් සිය සමිතිවලට නොනිල වර්ජන තහනමක් පනවා ඇත. අනෙක් වෘත්තීය සමිතිවල නිලධරයන්, සිය සාමාජිකයන් අතර ආන්ඩුවේ ප්‍රහාර කෙරෙහි වැඩෙන විරුද්ධත්වය පාර්ශ්වීය විරෝධතා තුල ගිල්වා දිය කිරීමට හිතාමතාම ක්‍රියාකරති. එකම සමිතියක නායකයෙක් වත් මේ වනතුරු තැපැල් සේවකයන්ට සහාය පලකර නැත; ආන්ඩුවේ තර්ජනවලට හා මර්දනයට විරුද්ධ වී නැත. ඔවුන් බොහෝදෙනා, අධිරාජ්‍ය ගැති, අයිඑම්එෆ් අත්ගෙඩියක් ලෙස ක්‍රියාකරන, ලංකාවේ ධනපතියන්ගේ සුරතල් වන දිසානායක හා ඔහුගේ ආන්ඩුවේ කම්කරු-දුගී ජන විරෝධි ක්‍රියා නොතකා, එය “ජනතාවාදී ආන්ඩුවක්” ජනතාවගේ ආන්ඩුවක් ආදී පට්ට කෙබරය ඇදබාති.
මෙම ද්‍රෝහීත්වය කපාගෙන කම්කරුවන් හැරිය යුත්තේ, තමන්ගේ ශක්තිය ඒකාබද්ධ කර ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල පරාජය කිරීමේ අරගලයක් සුදානම් කිරීමටයි. ඒ සඳහා ප්‍රථම පියවර වන්නේ, කම්කරුවන් තම වැඩපොලවල හා නිවහන් ප්‍රදේශබදව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගැනීමයි. මේ සඳහා යොමුවන ලෙස, තැපැල් හා අනෙකුත් කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු. ආන්ඩුවේ හා ධනපති හාම්පුතුන්ට සේවය කරන වෘත්තීය සමිති නිලධරයන් මේ කමිටු තුලට වැද්ද නොගත යුතුය.
තැපැල් අරගලය තුලින් යලිත් වෛෂිකව ප්‍රකාශයට පත්ව ඇත්තේ ධනපති ආන්ඩුව හා එය විසින් ආරක්ෂා කරන ධනපති ක්‍රමය තුල ද ජාතිකවාදී රාමුව තුල ද කම්කරුවන්ට විසඳුමක් නැති බවයි. කම්කරුවන්, ජවිපෙ/ ජාජබ ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහිව සියලු නිෂ්පාදන මාධ්‍ය කම්කරු පාලනයට ගන්නා, සමාජවාදී වැඩපිලිවෙල හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ද අරගලයට එක්විය යුතුය. මෙම අරගලය ගෙන යාම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වීමට කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට එක්වීම අවශ්‍යය.