සැප්තැම්බර් 17 දා කොලොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්නයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක, තම ආන්ඩුව රටේ ආර්ථිකය සහ දේශපාලනය “ප්‍රගතිශීලී පරිවර්තනයකට” භාජනය කිරීමට කැප වී ඇති නිසා, එයට යමෙකු අකුල් හෙලන්නේ නම්, ඔහුට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවාවෙන් ඉවත් වීමට හැකි බවට අනතුරු ඇඟවීමක් කලේ ය.
ඔහුගේ ප්‍රකාශය මෙසේ ය: “මේ ඇති කරන ප්‍රගතිශීලී පරිවර්තනයන්ට ඉතාමත් පටු දේශපාලන වුවමනාවන් මත බාධා කරන්න ලෑස්ති වෙන්න එපා. අපි අපේ පැත්තෙන් හැම සේවකයා ම සම අයිතිවාසිකම් සහිත සේවකයො හැටියට පිලිගන්නම්, හැබැයි ඔබ පෙරලා ප්‍රගතිශීලී වෙනස්කම්වලට බාධා කරනවා වෙනුවට උදව් කරන්න ඕන.” එවිට, තෙල් සංස්ථාව ගොඩගැනීමට හැකි බව ද ඔහු කීවේ ය.
විදුලි කම්කරුවන්ට ඇඟිල්ල දික්කරමින්, “දැන් මම විදුලිබල සේවක මහත්වරුන්ගෙන් අහන්නේ, පරන එක [පනත] වෙනස් කරපු එක අපරාධයක් ද?” යැයි ඇසූ දිසානායක තරවටු ස්වරයෙන් එයට මෙසේ එකතු කලේ ය: “ස්ට්‍රයික් කරන්න, අකුරට වැඩකරන්න, ලෙඩ නිවාඩු දමන්න! මෙහෙම වැඩකරන්න බෑ.”
කොලොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්නය තුල තවත් ඛනිජ තෙල් ටැංකි 6ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කිරීමේ දී සිදුකල මෙම ප්‍රකාශවල ඍජු ඉලක්කය වූයේ, සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින විරෝධතාවන්හි නිරත වී සිටි, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයින් ය. එය, තම අයිතීන් වෙනුවෙන් අරගලයට එන කම්කරු පන්තියේ සෑම කොටසකටම කර ඇති අනතුරු ඇඟවීමකි.
දිසානායකගේ තර්ජනයන් සුලුකොට නොතකන්න. ඔහු අනතුරු අඟවා ඇත්තේ, ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙලට එරෙහි සියලු සටන් මැඩලන බවට යි. ජනාධිපතිගේ භාෂාව ඒකාධිපති භාෂාව යි. තැපැල් සේවකයන් 17,000ක් සතියක් පුරා ගෙන ගොස් තිබූ වර්ජනය බිඳීමට ආන්ඩුව අගෝස්තු 23 දා හමුදාව සහ පොලිසිය දිගේලි කලේ ය.
දිසානායක, ආර්ථිකයේ “ප්‍රගතිශීලී පරිවර්තනයක” යෙදී සිටින බව නරුම ලෙස පවසන්නේ, සිය ආන්ඩුව පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් භාරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු වැඩපිලිවෙල වේගවත් කර ක්‍රියාවට දැමීම ගැන ය. එම වැඩපිලිවෙල, කලින් අයිඑම්එෆ් ලංකාවට පත්කල දූත මන්ඩල ප්‍රධානි පීටර් බෘවර් හැඳින්වූයේ ලංකාවේ සිදුකරන “මුර්ග අත්හදා බැලීමක්” ලෙස ය.
අයිඑම්එෆ් වැඩපිලිවෙලේ කොටසක් ලෙස, සේවක අයිතීන් ද කපා, ලංවිම ප්‍රතිව්‍යුහකරනය කිරීම, “ප්‍රගතිශීලී පරිවර්තනයක්” යැයි ජනාධිපති දෙසා බාන්නේ බේගලයකි. අයිඑම්එෆ් කප්පාදු කොන්දේසි ක්‍රියාවට දමා, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් පාගා දැමීමට කියන්නේ, “සමාජ ප්‍රතිවිප්ලවය” යන්න යි.
ඒ යටතේ, 2020 පටන් කඳු ගැසුනු දරුනු ආර්ථික අර්බුදයක බර තමන් මත පැටවීමට එරෙහි ව, 2022 අප්‍රේල්-ජුලි මාසවල මහජන නැගිටීමක් සිදු වූ බව කම්කරුවෝ හා දුගී ජනතාව දනිති. දිසානායක ඇතුලු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ ධනපති අන්තර්වාර ආන්ඩුවක් ඇති කිරීමේ යෝජනාව ඉදිරිපත් කර, වෘත්තීය සමිති නායකයන්ගේ ද උදව් ඇතිව කම්කරුවන් හා දුගීන් ඒ ඔස්සේ නොමග යවා අරගලය පාවා දුන්හ. ජවිපෙ හා විපක්ෂයේ අනෙකුත් පක්ෂවල කර උඩින් බලයට ආ වික්‍රමසිංහ ආන්ඩුව හා ඉන්පසු දැන් දිසානායක පාලනය, අයිඑම්එෆ් කොන්දේසි කම්කරුවන් හා දුගීන් මත පටවා ඔවුන්ට ඉහිලිය නොහැකි ජීවන කොන්දේසි ඇතිකර තිබේ.
අයිඑම්එෆ් කොන්දේසි යටතේ, ලංවිම හා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනයේ සැබෑ ඉලක්කය, අවසානයේ ඒවා ලංකාවේ හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ලාභ උදෙසා කුනු කොල්ලයට විකුනා දැමීමයි. ලංකාවේ හා ජාත්‍යන්තර ආයෝජකයන් මේ ප්‍රතිව්‍යුහකරන ගැන උද්දාමයෙන් කියා සිටින්නේ, එය විදේශ ප්‍රාග්ධනයට “දොර විවෘත කිරීමක්” ලෙසයි. මේ මහා ධනපතියන් නම්, දිසානායක තමන්ට “ප්‍රගතිශීලි ආර්ථික පරිවර්තනයක්” කර දෙන බව පිලිගන්නවා ඇත. ලංකාවේ මහා ධනපති සමාගම්වලට හා විදේශ ආයෝජකයන්ට බදු සහන ඇතුලු වරප්‍රසාද ලබාදීම ද මේ ප්‍රගතිශීලි පරිවර්තනයට ඇතුලත් ය.
වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙන ආ පනත වෙනස් කරමින්, තම ආන්ඩුව සේවකයින්ගේ “අයිතීන් ආරක්ෂා” වන පරිදි නව පනතක් ගෙන ඒම “අපරාධයක් ද” යන දිසානායක මතු කල ප්‍රශ්නයට පිලිතුර නම්, අලුත් පනතින් කිසිදු අතිමූලික වෙනසක් සිදු කර නැත යන්න යි.
කලින්, ලංවිම සමාගම් 12කට කඩන බව ද ඉන් දෙකක් පුද්ගලික-රාජ්‍ය සමාගම් වන බව ද වික්‍රමසිංහගේ පනතේ සඳහන් වූ බව සැබෑ ය. ඒ, අවසානයේ සියලු සමාගම් පුද්ගලීකරනය කිරීමේ ඉලක්කය ඇති ව ය. දිසානායක පාලනය යටතේ ද, ලංවිම සමාගම් හතරකට කඩන අතර ඒවා ද අවසානයේ පුද්ගලික ආයෝජකයන්ට විකුනනු ඇත. “ආර්ථික වර්ධනයේ එන්ජිම පුද්ගලික අංශයයි” යන්න වික්‍රමසිංහගේ හා අනෙකුත් ධනපති පාලකයන්ගේ මෙන් ම දිසානායකගේ ද ආදර්ශ පාඨය යි.
“ඉතාමත් පටු දේශපාලන උවමානවන් මත බාධා කරන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් දිසානායක සිය කතාවේ දී අන කිරීමේ විලාසයෙන් කීවේ ය. තැපැල් සේවකයින් 17,000ක් වර්ජනය කල විට තැපැල් ඇමති කලේ ද මේ හා සමාන ප්‍රකාශයකි. අවසානයේ හමුදා පොලීසිය මැදිහත් කර, තැපැල් සමිති නායකයන්ගේ නිවට සහාය ද ඇති ව අරගලය මර්දනය කර ගත්තේ ය.
මෙහි තේරුම, කම්කරුවන් කරන අරගල විපක්ෂයේ අරමුනු ඉටු කරගැනීමට කරන ඒවා ලෙස හංවඩු ගසා ඒවා තලා දැමීම යි. දැන් විපක්ෂයේ සිටින පක්ෂවල ආන්ඩු පැවති කාලවල දී ද මෙවැනි ම ප්‍රකාශ සිදුකර, කම්කරුවන්ට එරෙහි ව මහජනයා උසි ගැන්වීමට ක්‍රියාකර ඇත.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව භාරගෙන සිටින්නේ, ධනපති ක්‍රමයේ අර්බුදය විසඳීමේ නමින් එහි බර කම්කරුවන් මත පැටවීමටයි. මෙම අර්බුදය මැද්දේ, කොලඹ ආන්ඩුව 2022 අප්‍රේල් මාසයේ දී විදේශ නය ගෙවීමට නොහැකි ව එය නතර කලේ ය.
අයිඑම්එෆ් වැඩපිලිවෙලේ ඉලක්කය, මෙම නය, 2028 සිට ආපසු ගෙවීම සහතික කරගැනීම සහ විදේශ ආයෝජකයන්ට හා ඔවුන්ගේ ඒජන්තයන් වන ලංකාවේ මහ ව්‍යාපාරිකයන්ට ලාභ මංකොල්ලය සඳහා කොන්දේසි සකස් කිරීම යි. ඒ සඳහා මූල්‍ය ආයතනය නියම කර තිබෙන කොන්දේසි සැපිරීමට ආන්ඩුව කැප වී සිටී.
ලංකාවේ ආන්ඩුව හා ධනපති පන්තිය ගෝලීය වසයෙන් ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බලපෑම නිසා වියරු වී සිටියි. එක්සත් ජනපද ට්‍රම්ප් පාලනය ලෝකයට ම එරෙහි ව ගෙන යන තීරුබදු යුද්ධයේ කොටසක් ලෙස ලංකාවට පැන වූ සියයට 20ක අලුත් බද්ද නිසා, මෙරට ව්‍යාපාරිකයෝ අපනයන වැටීමේ ප්‍රශ්නයෙන් සැලී සිටිති. නේටෝව, රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ ගෙනියන යුද්ධය හා මැද පෙරදිග ඊශ්‍රායලය ගාසාව අල්ලා ගැනීමට ගෙනයන ජනඝාතක ආක්‍රමනය ඇතුලු ව, වැඩෙන ලෝක යුද තර්ජනය සෑම රටක ම අර්බුදය ගැඹුරු කරමින් තිබේ.
ආන්ඩුව ගෙනයන කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව, විදුලිය සේවකයන් පමනක් නොව ඕනෑ ම කම්කරු කොටසක් කරන අරගල සත්තකින්ම, වෛෂික ව දේශපාලන සටනක් බවට පත් ව ඇත. මන්ද යත් ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය නොකර එම ප්‍රහාර නතර කල නොහැකි හෙයිනි.
විදුලිය හා අනෙකුත් කම්කරු කොටස්, ගම්බද ජනයා හා තරුනයන් මේ ආන්ඩුවට තම ඡන්දය දුන්නේ, එල්ල වෙමින් පැවති රුදුරු ප්‍රහාර නතර කර ගැනීමට නමුත්, දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත බව කියති. සත්තකින් ම, මේ ආන්ඩුව බලයට ආවේ මහජනයාට බොරු පොරොන්දු දෙමින්, මහා ව්‍යාපාරිකයන්ට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඔවුන්ගේ උවනාකම් ඉටුකරන බවට ප්‍රකාශ කරමිනි.
ආන්ඩුව එල්ලකරන ප්‍රහාර පරාජය කිරීමට, කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් අවශ්‍ය ය. ධනපති ක්‍රමයේ රාමුව තුල කම්කරුවන්ට හෝ දුගීන්ට විසඳුම් ලබාගත නොහැක. විපක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් ද ව්‍යාජ වම්මු ද, කම්කරුවන් ධනපති රාමුව තුල හිරකර ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරනය ඇතුලු අයිඑම්එෆ් වැඩපිලිවෙලට කොටුකර දීමට ක්‍රියා කරති.
දිසානායක ආන්ඩුව හැරී සිටින්නේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව පැන නගින අරගල තලා දමන, ඒකාධිපති පාලනයක් දෙසට ය.
සිය සාධාරන ඉල්ලීම් සඳහා අරගලය කරන විදුලිය කම්කරුවන්ට අත නොතබනු! යි ප්‍රකාශ කරමින් ඔවුන් ආරක්ෂා කිරීමට එක්වන ලෙස අපි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමු.
සෑම වැඩපොලකම, ආයතනයක ම තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, කම්කරුවන් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ඒකාබද්ධ පන්ති ක්‍රියා සංවිධානය කිරීමට පෙරට ආ යුතුය. ධනපති පක්ෂවලට, වෘත්තීය සමිති නිලධරය ඇතුලු ධනපති ගැති සංවිධානවලට ඒවා තුල ඉඩක් නැත.
කම්කරුවන්ගේ හා දුගීන්ගේ විකල්ප ආන්ඩුව ධනපති ආන්ඩුවක් නොවේ. ඔවුන්ගේ අයිතීන් රැකිය හැකිවන්නේ, සියලු මහා ව්‍යාපාර, මහා වතු, බැංකු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනය යටතට ගෙන, සුලුතරයක ලාභ කොල්ලය නතරකර, සමාජයේ බහුතරයේ අවශ්‍යතාව සඳහා ආර්ථිකය සමාජවාදී ප්‍රතිසංවිධානයකට ලක් කිරීමෙනි. මිනීමෝරු මුල්‍ය ප්‍රග්ධන හිමියන්ගේ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කල යුතු ය.
කම්කරු පන්තිය, දුගී ජනතාවගේ හා තරුනයන්ගේ සහයෝගය රැලිකර ගනිමින් සටන් කල යුත්තේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දමන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා යි.
වැඩිදුර කියවන්න
- බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!
- ප්රතිව්යුහකරනයට සේවක විරෝධය කොටු කිරීමට ලංවිම වෘත්තීය සමිති නායකයෝ අකුරට වැඩ කිරීමක් කැඳවති
- ජවිපෙ වෘත්තීය සමිති නායකයා, ලංවිම සේවකයින්ට "ඇවිදින මලකඳන්" යැයි ගර්හා කරමින්, කාර්මික ක්‍රියා නුසුදුසු බව පවසයි
- ආන්ඩුව විරෝධතාවයේ නිරත වූ ලංවිම සේවකයින්ට දඬුවම්දීම අරඹයි
- ආන්ඩුව විදුලිබල පෞද්ගලීකරනය පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගනියි
- ශ්‍රී ලංකාවේ විදුලි කම්කරුවන් දහස් ගනනක් ආන්ඩුවේ තර්ජන නොතකා පුද්ගලීකරනයට එරෙහිව තෙදිනක් විරෝධතාවයේ යෙදෙති