[මෙය More Sri Lankan students denounce Peradeniya university’s ban on IYSSE meeting යන මැයෙන් 2025 ජනවාරි 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ජනවාරි 3 වන දින පැවැත්වීමට නියමිතව තිබූ සසජාතශි රැස්වීම පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තහනම් කිරීමට එරෙහිව, ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) දිවයින පුරා විශ්ව විද්‍යාලවල උද්ඝෝෂන ත්‍රීව්‍ර කර ඇත.
“ජාමූඅ කප්පාදුව පරාජය කරන්නේ කෙසේද” යන මැයෙන් පැවත්වීමට නියමිත ව තිබූ සසජාතශි රැස්වීමට දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) අනුග්‍රහය දැක්වන ලද අතර, විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් අවශ්‍ය අවසරය ලබාගෙන තිබුනි.
කෙසේ වෙතත්, රැස්වීමට පැය කිහිපයකට පෙර, විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම, දේශපාලන විද්‍යා අංශ ප්‍රධානියා හරහා දේවිශිසං හි ජ්‍යෙෂ්ඨ භාන්ඩාගාරිකවරයාට දැනුම් දුන්නේ, දේශනය, එහි ප්‍රචාරනය කරන ලද මාතෘකාව සහ තේමාව යටතේ පැවැත්විය නොහැකි බවයි. මෙම හදිසි ප්‍රජාතන්ත්‍ර විරෝධී තහනම සසජාතශි සහ දේවිශිසං හි පමනක් නොව, සියලුම සිසුන්, ශාස්ත්‍රඥයින් සහ අනධ්‍යයන කාර්ය මන්ඩලයේ භාෂනයේ නිදහස උල්ලංඝනය කිරීමකි.
පසුගිය සති කිහිපය තුල, සසජාතශි සහ සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් කොලඹ, මොරටුව සහ කැලනිය විශ්ව විද්‍යාලවල මෙන්ම උතුරේ යාපනය සහ දකුනේ රුහුන විශ්ව විද්‍යාලවල උද්ඝෝෂනය කර ඇත. “පේරාදෙනිය විශ්ව විද්‍යාලය සසජාතශි දේශනය තහනම් කිරීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි” යන මැයෙන් යුත් සසජාතශි ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් සිය ගනනක් ඔවුන් බෙදා හැර තිබේ.
රැස්වීම් තහනම හෙලා දකිමින්, සිසුන්, ශාස්ත්‍රඥයින් සහ කම්කරුවන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශ රාශියක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. අද අපි මෑත කාලීන විශ්ව විද්‍යාල උද්ඝෝෂන වලදී එකතු කරන ලද තවත් ප්‍රකාශ කිහිපයක් ප්‍රකාශයට පත් කරන්නෙමු.
ජනවාරි 23 වන දින මොරටුව විශ්ව විද්‍යාලයේ පැවති උත්ඝෝෂනයේ දී, විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් සහ නිල ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛ ආධාරකරුවෙකු වන මලීෂ කාවින්ද මෙම උද්ඝෝෂනය නැවැත්වීමට දැරූ උත්සාහයන් නොතකා, සිසුන්ගෙන් සසජාතශි ට උද්යෝගිමත් සහයෝගයක් ලැබුනි. ඔවුන් කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි රැස්වීම තහනම් කිරීම “සත්‍යය දැන ගැනීමට අපට ඇති අවස්ථාව අවහිර කරනවා. අපි සවන් දිය යුත්තේ ආන්ඩුව පවසන දේට විතර ද? එවැනි රැස්වීම් තහනම් කිරීම් ගැන අපි මීට පෙර කවදාවත් අසා නැහැ; මෙයට එරෙහිව සටන් කල යුතුයි” යනුවෙන් හර්ෂ නම් ශිෂ්‍යයා පැවසීය.
සිසුන් මුහුන දෙන සමාජ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔහු මෙසේ පැවසීය: “විශ්ව විද්‍යාලවල තත්වය දරාගත නොහැකි තරම්. මම බොහෝ දුර සිට, [මධ්‍යම පලාතේ] මහනුවරිනුත් එහා සිට පැමිනියත්, පලමු වසරේදී පවා මට නේවාසිකාගාරයක් ලැබුනේ නෑ”
'ඒක නිසා මට බෝඩිමකට වියදම් කරන්න වෙනවා, අපි කැම්පස් එකට පිටින් ආහාර මිලදී ගන්න කොට, දවසකට ආහාර වේල් තුනක් සඳහා අවම වශයෙන් රුපියල් 800 ක් වැය වෙනවා. මේ ඔක්කොම එක්ක ගත්තම අපිට මාසෙකට රුපියල් 20,000 කට වඩා වියදම් වෙනවා.
'මේ වියදම් පියවා ගැනීම සඳහා මමත් මගේ යාලුවත් පාට් ටයිම් රැකියාවක් කරනවා. අපට මහපොල ලැබෙන්නේ නැහැ, එය දැන් මාස ගනනාවක් තිස්සේ හිඟව තිබෙනවා.'
උද්ඝෝෂකයින්, සිසුන් මුහුන දෙන තත්වය තත්වය සහ ජාමූඅ කප්පාදු කප්පාදු අතර සම්බන්ධය පෙන්වා දුන් විට, ඔහු මෙසේ පිලිතුරු දුන්නේය: “අපි [ආන්ඩුවට] ඡන්දය දුන්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවයි. විවිධ බොරු පොරොන්දු ලබා දුන්නත් තවමත් කිසිවක් ඉටු කර නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් ජනතාව අතර විශාල විරෝධයක් වර්ධනය වෙමින් පවතිනවා කියල මට හිතනවා.'
ජනවාරි 20 වන දින, සසජාතශි උද්ඝෝෂකයෝ කොලඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අතර මැදිහත් වූහ.
පලමු වසරේ පරිගනක විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු වන දේශ් පැවසුවේ, විශ්ව විද්‍යාලවලට රැස්වීම් තහනම් පැනවිය නොහැකි බවයි, මන්ද “ඒවා පෞද්ගලික ආයතන නෙවෙයි; ප්‍රජාතන්ත්‍රවාදී රටක සෑම කෙනෙකුටම තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. කිසිවෙකුට එයට [රැස්වීම්වලට] විරුද්ධ විය හැකි යැයි මම හිතන්නෙ නැහැ.”
සසජාතශි රැස්වීම තහනම් කිරීම අනෙකුත් විශ්ව විද්‍යාල වලටද ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇඟවූ ඔහු, “ආන්ඩුව සහ විශ්ව විද්‍යාල බලධාරීන් සාර්ථක වුනොත් එය [තහනම] එතැනින් නතර වෙන්නෙ නෑ. මෙයින් අදහස් කරන්නේ ඔබ ඔබේ අරගලය දිගටම කරගෙන යා යුතු බවයි. අපි මෙහි එවැනි රැස්වීමක් සංවිධානය කිරීමට යන්නේ නම් එයට ද මෙය බලපානු ඇති.î
ආන්ඩුවේ ජාමූඅ න්‍යාය පත්‍රය පිලිබඳව දේශ්ගේ අවබෝධයේ ව්‍යාකූලතා තිබූ අතර, එය “ධනාත්මක මෙන්ම ඍනාත්මක බලපෑම්” ඇති කල හැකි බව ඔහු පැවසීය. නමුත් සසජාතශි උද්ඝෝෂකයින්, රජය-සතු ව්‍යවසායන් පුද්ගලීකරනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලුව ජාමූඅ කප්පාදු පියවරවල විනාශකාරී සමාජ බලපෑම පැහැදිලි කිරීමෙන් පසුව, ඍනාත්මක අංශ ඇති බවටත් ඉන් අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන කපා හෑරෙන බවටත්, එවැනි කප්පාදුවලට විරුද්ධත්වය “වර්ධනය විය හැකි” බවටත් වන අපගේ පැහැදිලි කිරීම සමග එකඟ විය.
ජනවාරි 22 වන දින, යාපනය විශ්ව විද්‍යාලයේ බලගතු මැදිහත්වීමක් කරන ලද අතර එය සිසුන්ගේ දැඩි උනන්දුවක් සහ සහයෝගයක් දිනා ගත්තේය. කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ලේකම්වරයා, සසජාතශි ආධාරකරුවන් බිය ගැන්වීමට සහ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් ශිෂ්‍ය සංගම් සාමාජිකයින් බලමුලු ගැන්වීය.
විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකු වන අබිසන්ත් මෙසේ පැවසීය: “යාපනය විශ්ව විද්‍යාලය ද ඇතුලුව පොදුවේ විශ්ව විද්‍යාලවල ජාමූඅ කප්පාදු පියවර ගැන කිසිදු සාකච්ඡාවක් නොමැති තරම්. බොහෝ සිසුන්, ජාමූඅ සහ ලෝක බැංකු නය සහ අනෙකුත් විදේශ නය ගැන දන්නා නමුත්, මෙම විදේශ නයවල ප්‍රතිවිපාක ගැන දන්නෙ නැහැ.”
ජාමූඅ පූර්ව මැදිහත්වීම් ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: “බොහෝ උපාධිධාරීන් රැකියා නොමැතිව ඉන්නවා; බොහෝ සේවකයින් වැඩ කරන්නෙ ප්‍රමානවත් වැටුප් නොලබා; බොහෝ තරුනයින්ට විදේශ රැකියා සොයමින් සංක්‍රමනය වීමට බල කෙරිලා තියෙනවා. මෙම ගැටලු ආරම්භ වන්නේ ජාමූඅ ප්‍රතිපත්තිවලින්. ජාමූඅ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප නොකර මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන්නෙ නැහැ.”
'ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක් ඇති බව මට කලින් වැටහුනේ නැහැ. මෙයටත්, නිවැරදි ඉදිරිදර්ශනයක් නොලැබීමටත් හේතුව, කතා කිරීමේ නිදහස මර්දනය කිරීමයි,” ඔහු පැවසීය.
කලා පීඨයේ සිසුවියක් වන නෙරූජා, පූර්ව ආන්ඩුවල කප්පාදු පියවර සහ විශ්ව විද්‍යාල කෙරෙහි ඒවායේ බලපෑම ගැන සඳහන් කලාය.
'ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික ගැටලු ඇති වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සඳහා නය ආපසු ගෙවීම නිසා බව මම දන්නවා. මෙම කරුනු විශ්වවිද්‍යාල සිසුන් අතර සාකච්ඡා කල යුතුයි. ජීවන වියදම් වැඩිවීම, ලිපි ද්‍රව්‍ය මිල ඉහල යාම සහ පහසුකම් නොමැතිකම ඇතුලු යාපනය විශ්වවිද්‍යාලයේ බොහෝ ගැටලුවලට අපි මුහුන දෙනවා.
'අපගේ මාසික වියදම් රුපියල් 20,000 ත් 25,000 ත් අතර තියාගන්න, අපේ මූලික අවශ්‍යතා බොහොමයක්, අපගේ දෛනික ආහාර වේල් පවා මග හරින්න අපිට වෙනවා. අපගේ වියදම් කලමනාකරනය කිරීම සඳහා මහපොල තුන් ගුනයකින්වත් වැඩි කල යුතුයි,” ඇය පැවසුවාය.
විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ පරිහානිගත තත්වය ගැන නෙරූජා මෙසේ සඳහන් කලාය: –අපට විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ රැඳී සිටිය හැක්කේ සහ එහි පහසුකම් භාවිතා කල හැක්කේ සාමාන්‍ය තත්වයන් යටතේ විතරයි. වැසි සමයේදී සහ අධික වර්ෂාව ඇද හැලෙන විට අපට එහි රැඳී ඉන්න බැහැ; මන්ද, පරිශ්‍රය ගංවතුරෙන් යට වෙන නිසා. මෑත මාසවලදී අපට දැඩි ගංවතුරක් ඇති වුනා.
'ඒ වගෙම, ගංවතුර ආශ්‍රිත රෝගවලින් අපට ආරක්ෂාවක් නැහැ, මදුරු දැල් පවා නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට, අපේ නේවාසිකාගාරයේ බොහෝ සිසුන් ඩෙංගු උන අවදානමට මුහුන දෙනවා.'
ජනවාරි 24 වන දින, උද්ඝෝෂකයෝ රුහුනු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අතර මැදිහත් වූහ.
විද්‍යා ශිෂ්‍යාවක් වන සනුජි, සසජාතශි රැස්වීම් තහනම ගැන දැන නොසිටි අතර එය දැඩි ලෙස හෙලා දුටුවාය. “විශ්ව විද්‍යාලය තුල අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුයි. මෙවැනි දේ ජනතාවට අහිමි කිරීම සිසුන්ගේ පමනක් නොව අනෙක් සියල්ලන්ගේම අයිතිවාසිකම්වලට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයක්. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මම එයට විරුද්ධයි,” ඇය පැවසුවාය.
උද්ඝෝෂකයෝ, ජනවාරි 27 වන දින, කැලනිය විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන දොරටුවට යන මාර්ගය දෙපස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිසුන් සහ විශ්ව විද්‍යාල සේවකයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබම) සම්බන්ධ මැරයන් කිහිප දෙනෙක්, “ශිෂ්‍යයන්Ó යැයි කියා ගනිමින්, උද්ඝෝෂකයින්ට ශාරීරිකව තර්ජනය කරමින්, ඔවුන්ට කොලඹ-මහනුවර මාර්ගයට යාමට බල කලහ. අවිශිබම පාලනය කරනු ලබන්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි.
මෙම බිය ගැන්වීම නොතකා, සසජාතශි උද්ඝෝෂකයින් සිසුන් අතර පත්‍රිකා සිය ගනනක් බෙදා හලහ.
සසජාතශි සහ සසප උද්ඝෝෂනය, ශ්‍රී ලංකාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්, සිසුන් සහ මධ්‍යම පන්තික ජනතාවගේ ප්‍රබල සහයෝගය දිනා ගනිමින් සිටී. පේරාදෙනිය විශ්ව විද්‍යාලය තහනම අවලංගු කර සසජාතශි සංවිධානයට එහි දේශන පැවැත්වීමට ඉඩ දෙන ලෙස කරන ඉල්ලීමට සහාය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. විරෝධතා ලිපි විශ්ව විද්‍යාල බලධාරීන්ට යවන්න, පිටපත් සසජාතශි වෙත ද එවන්න.
වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය
ඊමේල්: vc@pdn.ac.lk
පිටපත්: සසජාතශි
ඊමේල්: iysseslb@gmail.com