ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

දිසානායක ආන්ඩුව පාසනි ට එරෙහි පොලිස් දඩයම තවදුරටත් තීව්‍ර කරයි

පාසල් සංවර්ධන නිලධාරීන්ට එරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පොලිස් දඩයම මේ සා පරිමානව තීව්‍ර කෙරෙමින් තිබිය දී ගුරු, විදුහල්පති වෘත්තීය සමිති නිලධරය ඒ සම්බන්ධව මුනිවත රකිමින් ආන්ඩුවේ මර්දනයට සහයෝගය දී තිබේ.

කපිල ප්‍රනාන්දු

වැඩ තහනමට ලක්ව සිටි ලංවිම සේවකයෝ සියලු චෝදනා වලින් නිදහස් කෙරෙති

වික්‍රමසිංහ ආන්ඩුව විසින් වැඩ තහනමට ලක් කෙරුනු ලංවිම කම්කරුවන් ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් යලි සේවයේ පිහිටුවා ඇති නමුත්, එමගින්, වර්තමාන ආන්ඩුව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි යන මිත්‍යාව කම්කරුවන් විසින් ඇතිකර නොගත යුතුය.

ඩබ්ලිව්.ඒ.සුනිල්

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට කම්කරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහයෝගය දක්වති

කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පෙරට ගැනීමේ තීරනාත්මක අවශ්‍යතාවය පිලිබඳව කම්කරුවෝ තරුනයෝ උනන්දු සහගත ප්‍රතිචාරයක් දැක්වූහ.

අපේ වාර්තාකරුවන්

හැටන්, පන්මූර් වතුයායේ කම්කරුවෝ තමා මුහුනදෙන දුෂ්කර කොන්දේසි ගැන කතා කරති

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ වැඩපිලිවෙල හරියටම ගෙනියනව කියල තමයි ආන්ඩුව කියන්නෙ. ඒ කියන්නෙ අපිට ඔලුව උස්සන්න හම්බවෙන්නෙම නෑ” යැයි කම්කරුවෙක් පැවසීය.

අපේ වාර්තාකරුවන්
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය